Dec 27, 2017

පරිගණක වයිරස හඳුනාගනිමු

පරිගණක වයිරසයක් යනු කුමක්ද ?
 
පරිගණක වයිරසයක් යනු, එක් පරිගණකයක සිට තවත් පරිගණකයකට පැතිර යා හැකි, පරිගණකයේ ක්‍රියාකාරිත්වයට බලපෑම් කළ හැකි ස්වයං පතිගුණනය විය හැකි කුඩා පරිගණක වැඩසටහන් වේ. මෙවැනි වයිරසයකට ඔබේ පරිගණකෙය් ඇති වැදගත් දත්ත
වෙනස් කිරීමට හෝ විනාශ කිරීමට හැක.බොහොමයක් වයිරස අපගේ පරිගණක තුලට පැමිණෙන්නේ ක්‍රියාත්මක කළ හැකි ගොනු (Executable files) සමඟ ඇමුණුමක් ලෙසිනි.එබැවින් අප මෙම ගොනු ක්‍රියාත්මක කළ විට හෝ විවෘත කළ විට වයිරසවල ක්‍රියාකාරිත්වය ආරම්භ විය හැක.

බහුලව පවතින වයිරස ආකාර

පරිගණක වයිරස, ස්පයිවෙයා(ර්), ඇඩ්වෙයා(ර්), ට්‍රෝජන් හෝර්ස්, වෝ(ර්)ම් යනාදී සියල්ල මැල්වෙයා(ර්) ආකාර වේ. එනම් ඔබගේ පරිගණකයට හානි පැමිණවිය හැකි, ඔබගේ අනුදැනුමකින් තොරව දත්ත සොරාගන්නා හෝ විනාශ කරන ඕනෑම වැඩසටහනක් මැල්වෙයා(ර්) ආකාරයකි.

ස්පයිවෙයා(ර්) – වඩාත් බහුල වයිරස ආකාරයකි. යෙමකුගේ පරිගණක ආශ්‍රිත ක්‍රියාකාරකම් පිළිබඳව ඔහුගේ අනුදැනුමකින් තොරව දත්ත රැස්කරයි.

ඇඩ්වෙයා(ර්) – ඔබගේ අනුදැනුමකින් තොරව පරිගණකයේ ස්ථාපනය වී තිරය මත වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම සිදු කරයි. මේවා මඟින් යෙමකුගේ  අන්තර්ජාලය භාවිතා කිරීමේ පුරුදු යනාදිය පිළිබඳව දත්ත රැස්කරයි.

ට්‍රෝජන් හෝර්ස්- මෙම වයිරසවලට ස්වයං පතිගුණනය වීමේ හැකියාවක් නැත. මේවා ප්‍රයෝජනවත් වැඩසටහන් ලෙස පැමිණෙන හානිකර වැඩසටහන්වේ. මෙමඟින් ඔ‍බගේ පරිගණකයෙන් පුද්ගලික තොරතුරු සොරකම් කිරීම,නිශ්චිත දිනයකදී හෝ කාලයකදී පරිගණකයට හානි පැමිණවීම ආදිය සිදුකෙරේ.

වෝ(ර්)ම් – මේවා සාම්පදායික වයිරස ආකාරවලින් වෙනස්ය. මේවා එක් පරිගණකයක සිට තවත් පරිගණකයකට පැතිර යාමේදී  කිසිදු මිනිස් ක්‍රියාකාරිත්වයක බලපෑමකින් තොරව එය සිදු වේ. ඔබගේ පරිගණකය තුලදී ස්වයං ප්‍රතිගුණනය වීමේ හැකියාවක් ඇත. උදාහරණයක් ලෙසට මේවා ඔබගේ පරිගණකය තුලදී පිටපත් සිය දහස් ගණනක් ඉබේම ඇති වී ඔබගේ ඉ-තැපැල් ලිපින පොතෙහි සියලුම ලිපිනයන්ට යැවිය හැක. ඉන්පසු එම ලිපිනයන්හිදීද මෙම ක්‍රියාවලිය මෙලසම සිදු වේ. එබැවින් මෙම වෝ(ර්)ම් ආකාර වයිරසවලට පරිගණක ජාලයන් හරහා ස්වයංකීයව පැතිරීමට හැක.

ඔබේ පරිගණකයට වයිරස ඇතුලු වන්නේ කෙසේද ?

පරිගණක වයිරස, ඉ-තැපැල් පණිවුඩ සහ ඉ-තැපැල් ඇමුණුම් මඟින් පහසුවෙන්ම පැතිරිය හැකිය. ඉ-තැපෑල මඟින් පැතිරෙන වයිරස බොහොමයක් ආකර්ෂණීය පින්තූර, සුබ පැතුම්පත්, සිත් ඇදගන්නා ශ්‍රව්‍ය දෘශ්‍ය ගොනු යනාදිය ලෙසින් වෙස්වළාගෙන ඔබ වෙත පැමිණිය හැක.එම නිසා මෙලස ඔබ වෙත එන අනෙප්ක්ෂිත හෝ කා විසින් එවන ලද දැයි නොදන්නා ඉ-තැපැල් ඇමුණුම් විවෘත නොකර සිටීම නුවණට හුරුය. එපමණක්ද නොව, ඔබ අන්තර්ජාලෙයන් බාගත කිරීම් සිදුකරන විටද මෙම පරිගණක වයිරස ඔබගේ  පරිගණකයට ඇතුලු විය හැක.

පරිගණක වයිරස් ආසාදනයන්හි ලක්ෂණ

1. පරිගණකය සාමාන්‍ය තත්වයට වඩා අඩු වේගයකින් ක්‍රියා කිරීම.
2. පරිගණකය නිරතුරුවම ස්වයංකීයව නැවත පණ ගැන්වීම හා අසාමාන්‍ය ලෙස ක්‍රියා කිරීම.
3. පරිගණකෙය් ඇති වැඩසටහන් නිසියාකාරව ක්‍රියා නොකිරීම.
4. අසාමාන්‍ය වැරදි පණිවුඩ දිස්වීම.
5. ඔබ විසින් නිර්මාණය නොකරන ලද නව අයිකන පරිගණක තිරය මත දිස්වීම.
6. ඔබ විසින් පරිගණකෙයන් ඉවත් නොකරන ලද වැඩ සටහන් පරිගණකෙයන් ඉවත්ව ඇති ලෙස දිස්වීම.

ඔබෙග් පරිගණකය වයිරස ආකමණයන්ගෙන් වළකා ගන්නේ කෙසේද ?

1. අන්තර්ජාලය සඳහා ෆයර් වෝල් භාවිතා කිරීම.
2. පරිගණකෙය් මෙහයුම් පද්ධතිය හා භාවිතා කරන මෘදුකාංග යාවත්කාලීන කිරීම.
3. යාවත්කාලීන කරන ලද විශ්වාසදායී ප්‍රති වයිරස මෘදුකාංගයක් භාවිතා කිරීම.
4. නොදන්නා ප්‍රභවයන් ගෙන් එන ඉ-තැපැල් ඇමුණුම් විවෘත නොකිරීම.
5. දන්නා ප්‍රභවයකින් වුවද, අන්තර්ගතය නොදන්නා ඉ-තැපැල් ඇමුණුම් විවෘත නොකිරීම.
6. ඉ-තැපැල් ඇමුණුම් විවෘත කිරීමට පෙර වයිරස පරීක්ෂාවක් සිදු කිරීම.
7. සැකසහත වෙබ් අඩවිවලට ප්‍රවේශ වීමෙන් වැළකීම.
8. අන්තර්ජාලෙයහි නොදන්නා ප්‍රභවයන්ට ඔබගේ වැදගත් පුද්ගලික තොරතුරු ( ඉ-තැපැල් ලිපිනය, බැංකු ගිණුම් අංක, ක්‍රෙඩිට් කාඩ් අංක) සැපයීමෙන් වැළකීම.
9. අන්තර්ජාලෙයන් බාගත කිරීමේදී විශ්වාසදායී වෙබ් අඩවිවලින් පමණක් සිදු කිරීම.

ෆයර්වෝලයක් යනු කුමක්ද ?
ෆයර්වෝලයක් යනු, වෙනත් පිටස්තර පරිගණක ජාලයකින් අපෙග් පරිගණක ජාලයක් වෙත පැමිණෙන දත්ත ඇතුලු වීමට අවසර ලබාදෙන හෝ ඇතුලු වීම වළක්වන මෘදුකාංගයක් හෝ දෘඪාංගයකි. උදාහරණයක් ලෙස, යම්කිසි ආයතනයක් තුළ ඇති පරිගණක ජාලයක් මගින් අන්තර්ජාලයට ප්‍රවේශ වීමේදී පිටස්තර පුද්ගලයින් විසින් අන්තර්ජාලය හරහා ආයතනික දත්ත ලබාගැනීම වැළැක්වීමටත්, ආයතනය තුළට අන්තර්ජාලෙයන් පැමිණෙන දත්ත පාලනය කිරීමටත් ෆයර්වෝල් ස්ථාපනය කරනු ලැබේ.
මෙලසින්ම, අපගේ පුද්ගලික පරිගණකවලටද, ෆයර්වෝල් ස්ථාපනය කර ගැනීමෙන් පරිගණකයට අන්තර්ජාලෙයන් පැමිණිය හැකි වයිරස් උවදුරු වළකා ගත හැක. ෆයර්වෝල් මඟින් එය හරහා යන එන සියලුම දත්ත පරීක්ෂා කර එම දත්තවල ගමනාන්තය සඳහා අවසර දීම තීරණය කෙර්. මෙය සිදුකෙරන්නේ පරිශීලකයා විසින් සකසනු ලබන නීති පද්ධතියකට අනුවය.

ප්‍රති වයිරස මෘදුකාංගයක් යනු කුමක්ද ?
ප්‍රති වයිරස මෘදුකාංගයක් යනු, පරිගණක වයිරස ඇතුලු සියලුම වෝ(ර්)ම්, ටෝජන් හෝර්ස් යනාදී හානිකර වැඩසටහන් අපගේ පරිගණක තුළට ඇතුලු වීම වැළැක්වීම, ඇතුලු වූ වයිරස අනාවරණය හා ඉවත් කිරීම උදෙසා නිපදවන ලද පරිගණක මෘදුකාංග වේ.

ප්‍රති වයිරස මෘදුකාංගයක් කියා කරන්නේ කෙසේද ?

ප්‍රති වයිරස මෘදුකාංගයක් වයිරස හඳුනාගැනීමේදී හා පරීක්ෂා කිරීමේදී ආකාර 2කට ක්‍රියා කරයි.
1. කලින් හඳුනාගන්නා ලද වයිරස තිබේදැයි පරීක්ෂා කිරීම.
2. වයිරස බවට සැකකළ හැකි පරිගණක වැඩසටහන් තිබේදැයි පරීක්ෂා කිරීම.

කලින් හඳුනාගන්නා ලද වයිරස තිබේදැයි පරීක්ෂා කිරීම.

මෙහිදී ප්‍රති වයිරස මෘදුකාංගය නිර්මාණය කරන විටදීම හඳුනාගෙන ඇති වයිරස ආකාර පිළිබඳ දත්ත ඇතුලත් දත්ත ගබඩාවක් භාවිතා කෙර්. නව ගොනුවක් පිරික්සීමේදී එම ගොනුවේ හඳුනාගත් වයිරස තිබේදැයි පරීක්ෂා කර බලා එසේ නම් ගොනුව විනාශ කිරීම හෝ
නිරෝධායනය කිරීම (Move to quarantine) හෝ ගොනුව ප්‍රතිසංස්කරණය කිරීම සිදු කෙර්.
මෙමඟින් එම වයිරසය තවදුරටත් පැතිර යාම වැළැකේ. නව වයිරස සොයාගැනීමත් සමගම ප්‍රති වයිරස මෘදුකාංග දත්ත ගබඩාද යාවත්කාලීන වන බැවින් අපගේ පරිගණකවල ස්ථාපනය කරන ලද ප්‍රති වයිරස මෘදුකාංග නිතර යාවත්කාලීන කිරීමෙන් නව වයිරසයන්ගේ
ආකමණයන්ට ලක්වීමේ අවදානම අඩුකරගත හැක. මේවා ස්ථාපනය කළ පසු අපගේ පරිගණකය පණගැන්වීමේදී වයිරස පරීක්ෂා වැඩටහනද ක්‍රියාත්මක වීම ඇරෙඹ්.

වයිරස බවට සැකකළ හැකි පරිගණක වැඩසටහන් තිබේදැයි පරීක්ෂා කිරීම.

මෙහිදී දන්නා වයිරස හඳුනාගැනීම වෙනුවට පරිගණකයේ සෑම ගොනුවක්ම, වැඩසටහනක්ම පරීක්ෂාවට ලක්කිරීමක් සිදුකෙර්. නිදසුනක් ලෙස යම්කිසි වැඩසටහනක් මඟින් පරිගණයේ ක්‍රියාත්මක කළ හැකි ගොනුවලට (Executable files) ලිවීමට උත්සාහ දරන බව දුටුවෙහොත් එම වැඩසටහන සැකසහිත වැඩසටහනක් ලෙස ඔබට අනතුරු ඇගවීමක් සිදු කෙර්. මෙහිදී පරිශීලකයාට අනතුරු ඇගවීම අනුව වැඩසටහන තවදුරටත් ධාවනය කරන්නේද පරිගණකයෙන් ඉවත් කරන්නේද යන්න තීරණය කළ හැක. එමනිසා මෙම තාක්ෂණය භාවිතා කරන මෘදුකාංග මඟින් තවමත් හඳුනානොගත් වයිරසයන්ගේ ආකමණයන්ට ලක්වීමේ අවදානම අඩුකරගත හැක.

ප්‍රති වයිරස මෘදුකාංගයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

අද ලෝකෙය් ප්‍රති වයිරස මෘදුකාංග නිපදවන්නන් බොහොමයකි. මේවායින් ඔබගේ පරිගණකයට ගැලෙපන මෘදුකාංගය තෝරාගැනීම පරිශීලකයාගේ අව්‍යශතා අනුව වෙනස් වේ. නමුත් ඕනෑම ප්‍රති වයිරස මෘදුකාංගයක් සඳහා ප්‍රධානව සලකා බැලිය යුතු කරුණු වන්නේ,

1. ස්වයංකීයව යාවත්කාලීන වීමේ හැකියාව.
2. මෘදුකාංග නිපදවන්නා ක්‍රමානුකූලව යාවත්කාලීන වයිරස විග්‍රහයක් සපයන්නේද යන බව.
3. මෘදුකාංගයට ඔබගේ ඉ-තැපැල් වැඩසටහන සමග එක්ව ක්‍රියා කළ හැකිද යන්න.
4. වයිරස පරීක්ෂාවන් ස්වයංකීයව සිදුකළ හැකිවේද යන්න.
5. මෘදුකාංග නිපදවන්නා විසින්, අලුතෙන් සොයාගන්නා ලද වයිරස පිළිබඳ නිවැරදි හා කාලෝචිත තොරතුරු ප්‍රකාශයට පත්  කරන්නේද යන බව.

අද ලෝකෙය් බහුලවම භාවිතා වන ප්‍රති වයිරස මෘදුකාංග
1. AntiVir
2. NOD32
3. Kaspersky
4. Norton
5. Avast Essentials
6. VIPRE
7. AVG
8. BitDefender
9. Microsoft Security

ඔබගේ පරිගණකයේ ආරක්ෂාව පිළිබඳ හෝ වයිරස පිළිබඳ ප්‍රශ්න ඇත්නම් පහත ලිපිනයන් හා සබැ‍ඳෙන්න.

TechCERT – www.techcert.lk
දුරකථන (011) 421-6066
ඉ-තැපැල් – info@techcert.lk

මූලාශ්‍ර: TechCERTආයතනය (www.techcert.lk) සහ ලක් වසම් අධිකාරිය (LK Domain Registry) ආයතනයන් ගෙන් ප්‍රකාශයටපත්කළ පත්‍රිකා.

Dec 10, 2017

අනවසරයෙන් ඊමේල් ගිණුමට පිවිසෙන්නන් හදුනාගන්න.

පුද්ගලයෙකුගේ විද්‍යුත් තැපැල් ගිණුමක් (a email account) යනු අතිශයින්ම පෞද්ගලික දේපළකි. කිසිවෙකු විසින් එහි ලිපි ආදිය අනවසරයෙන් කියවීම හෝ වෙනත් කටයුතු සදහා අදාල විද්‍යුත් තැපැල් ගිණුම භාවිතා කිරීම නීති විරෝදී ක්‍රියාවක් වන්නේ ය. ජීමේල් වැනි විද්‍යුත් තැපැල් සේවාවන්හි කෙතරම් ආරක්ෂාවක් තිබුණද ඔබ අතින් සිදුවන කුඩා අත්වැරදීමක් හේතුවෙන් අන් අයෙකු අතට ඔබේ විද්‍යුත් තැපැල්හි රහස් අංකය පත් වුවහොත් ඔබගේ පෞද්ගලිකත්වයට විශාල හානියක් සිදු විය හැකිය. මෙම තත්වයට පත් නොවී සිටීමට වග බලා ගන්නා ආකාරයත් මෙම ව්‍යසනයට මුහුණ දුන්නේ නම් එයින් මිදෙන ආකාරයත් මෙම ලිපියෙන් පරිගණක පියස පාඨකයන් වෙත ගෙන එන්නෙමු.

හැක් වීමෙන් වලකිමු.

ඔබගේ විද්‍යුත් තැපැල් ගිණුම වෙනත් අයෙක් අතට පත් වීමෙන් වැලකීමට මූලික වශයෙන් ඔබගේ විද්‍යුත් තැපැල් රහස් අංකය ශක්තිමත් මුරපදයක් (password) විය යුතුය. එය අංක, අකුරු හා විශේෂ සංකේත භාවිතා කරගෙන නිර්මාණය කිරීමත් එක් අකුරක් හෝ කැපිටල් අකුරක් වීමත් වැනි උපක්‍රම යොදා ගැනීම මගින් කිසිවෙකුට බිද හෙලිය නොහැකි මුරපදයක් නිර්මාණය කර ගත හැක. තවද ඔබගේ ගිණුමේ මුරපදය ඇතුළු විස්තර ලියා තැබීමද නොකළ යුතුය. තවත් කරුණක් වන්නේ ඔබ, ඔබේ නොවන පොදු උපාංග හෝ වෙනත් අයෙකුගේ උපාංගයක් භාවිතා කොට විද්‍යුත් තැපෑල් මෙන්ම වෙනත් ගිණුම් පරීක්ෂා කරන විට එම වෙබ් බ්‍රව්සර මගින් මුරපදයන් ආරක්ෂා (save) කරගනී. එවැනි අවස්ථාවලදී ඔබ අදාල ගිණුමෙන් ඉවත් වුවද (Sign out) වෙනත් පුද්ගලයෙකුට පහසුවෙන් ඔබේ ගිණුමට ඇතුළු විය හැකියි. මෙම අවධානමෙන් මිදීම සඳහා ඔබ වෙනත් උපාංගයක් භාවිතා කොට (විශේෂයෙන් ඉන්ටර්නෙට් කැෆේ) ගිණුම් පරීක්ෂා කිරීමේදී ඔබේ මුරපදය එහි බ්‍රව්සරයෙහි සේව් නොවීමට වග බලා ගන්න. එසේ සේව් වුවහොත් නැවත එය මකා දැමීමට අමතක නොකරන්න. තවද ඔබේ ජංගම දුරකථන ආදිය අළුත්වැඩියා කිරීමට ලබාදීමේදී ද ප්‍රවේශම් වීමටද වග බලා ගත යුතුය.

හැක් වී ඇත්දැයි දැනගන්න.

දැනටමත් ඔබගේ ඊමේල් ගිණුමට අනවසරයෙන් කවුරුන් හෝ ඇතුළු වී ඔබගේ ලිපි කියවනවාදැයි දැනගැනීම වැදගත් කරුණක් වනු ඇත. ඒ සඳහා ජීමේල් ගිණුමට සාමාන්‍ය පරිදි ඇතුළු වී (sign in) එහි ඔබ වෙත ලැබුණු ලිපි ඇතුලත් වන inbox හි පහළින් ඇති Last account activity වෙත අවධානය යොමු කරන්න. දැන් එයට පහළින් ඇති Details යන ලින්කුව ක්ලික් කරන්න. (01 රූපය)
01 රූපය
01 රූපය
එවිට 02 රූපයේ දැක්වෙන පරිදි වින්ඩෝවක් මතු වනු ඇත. එහි ඉහළින්ම concurrent session information යටතේ ඔබ මේ මොහොතේ භාවිතා කරන උපාංගය හා IP ලිපිනය දැක්වේ. ඊට පහළින් Recent activity යටතේ ඔබගේ ගිණුමට ඇතුළු වූ අනික් උපාංග, ඇතුලත් වූ දිනයන් හා IP ලිපිනයන් දැක්වේ. මෙහිදී ඔබ මෙම IP ලිපින කෙරේ වැඩි අවධානයක් යොමු කළ යුතු අතර ඔබගේ IP ලිපිනයට අමතරව වෙනත් IP ලිපින ඇත්දැයි විමසිලිමත් විය යුතුයි. එසේ වෙනස් IP ලිපින ඇත්නම් ඒවාට අදාල Access type යටතේ ඇති Show details ක්ලික් කර එම මොහොතේ ගිණුමට ඇතුළු වි ඇති උපාංගයේ වර්ගය ඇතුළු විස්තර ලබා ගත හැකියි. එයද ඔබ කිසිදා භාවිතා කර නැති ආගන්තුක උපාංගයක් බවට තහවුරු කර ගතහොත් අනිවාර්යෙන්ම ඔබගේ ජීමේල් ගිණුමට අනවසර ඇතුළුවීමක් සිදුව ඇත.
2
02 රූපය

අනවසර ඇතුළුවීමක් සිදුවුවහොත්.

ඉහතින් සදහන් කළ අන්දමට ඔබගේ ජීමේල් ගිණුමට අනවසරයෙන් කෙනෙකු ඇතුළු වු බවට තහවුරු කරගත් පසු වහාම ඔබ සිදු කළ යුත්තේ ඉහත දැක්වූ වින්ඩෝවේ ඇති Sign out all other web sessions යන බටනය ක්ලික් කර මෙතෙක් ඔබගේ ජීමේල් ගිණුමට ඇතුළු වී ඇති සියළුම උපාංග වලින් ඉවත් වීමයි (03 රූපය). එමගින් අනවසර ඇතුළුවන්නාගේ උපාංගයෙන්ද Sign out වීම සිදුවේ.
3
03 රූපය
නමුත් අදාල තැනැත්තා ළග ඔබගේ මුරපදය ඇතිනම් හෝ බ්‍රව්සරයේ සේව් වී ඇතිනම් කලින් සදහන් කළ උපක්‍රමය පමණක් ප්‍රමාණවත් නොවේ. අනිවාර්යෙන්ම ඔබගේ ජීමේල් ගිණුමේ මුරපදය වෙනස් කළ යුතුය. ඒ සඳහා ඉහත පියවර අනුගමනය කළායින් පසුව ලැබෙන වින්ඩෝවේ ඇති change your password යන්න ක්ලික් කිරීම හා ඉන්පසුව ලැබෙන උපදෙස් පිළිපැදීම මගින් ඔබගේ මුරපදය පහසුවෙන් වෙනස් කර ගත හැක. එමගින් නැවත වරක් ඔබගේ ජීමේල් ගිණුමට අනවසර ඇතුළුවන්නන්ට නොහැකි වනු ඇත.
(පුද්ගලික අත්දැකීමක් ඇසුරිණි.)

Dec 5, 2017

ලංකාවේ පරිගණක අපරාධ (Computer/Cyber Crime)

ලංකාවේ පවතින නීතිය අනුව, වෙබ් අඩවි, E mail (Facebook ගිණුම් පවා), මෘදුකාංග පද්ධති  hack කිරීම, අනවසර මෘදුකාංග හෝ වෙනත් බුද්ධිමය දේපල පිටපත් කිරීම හෝ භාවිතය ආදී මෙකී නොකී අයථා ක්‍රියා නීති විරෝධී වේ.





පරිගණක ආශ්‍රිත අපරාධ වීර ක්‍රියා ලෙස සැලකීමට බොහෝ දෙනා පෙළඹී ඇත්තේ බොහෝවිට අනවබෝධය නිසා විය හැකිය. මේ වීරක්‍රියා ඇගයීම කෙලවර වන්නේ යම්කිසිවිටක තමන්ට එවන්නක ගොදුරක් වීමට සිදුවූ විටය. බැංකු ගිණුමේ මුදල් අතුරුදහන් වී තිබුවහොත්, නැතහොත් අවම වශයෙන් තම Facebook ගිණුම අන්සතුවී හෝ තිබු ඡායාරූප කොහේ හෝ වෙබ් අඩවියක share වෙමින් පැවතුනහොත් ඇතිවිය හැකි තත්වය කුමක්දැයි මෑතක වූ සිදුවීම් රැසකින් නිදසුන් සමග පෙන්වා ඇත.ලංකාවේ සෑම දෙයටම බැන අඬ ගසනු වෙනුවට ලංකාවේ නීති පද්ධතිය තුල මෙවැනි ක්‍රියා සඳහා රැකවරණයක් තිබීම පිලිබඳ සතුටු විය යුතුය. එසේම නීතිය නොදැනීම නිදහසට කරුණක් ලෙස පිළිගන්නේ ද නැත. අප දන්නා තරමින් ඔබගේ Email ගිණුම හරහා යවන email එකක් වුවද නීතිය ඉදිරියේ වලංගු ලියවිල්ලක් ලෙස සැලකිය හැකිය.


මෙහි ඇති සැබෑ ගැටලුව පරිගණක ආශ්‍රිත හෝ බුද්ධිමය දේපල අපරාධ පිලිබඳ අපගේ ඇති සංවේදී බවේ අඩුකමය. පරිගණක ආශ්‍රිත හෝ බුද්ධිමය දේපල පිලිබඳ අපරාධ අනෙකුත් අපරාධ ආකාරයෙන්ම සැලකීමට ලාංකිකයන් යාවත්කාලීන වියයුතුය. මෙහිදී රටේ නීතිය ඉදිරියෙන් සිටීම අගය කලයුතුය. අදාල පනත් පිලිබඳ වැඩි විස්තර පහතින් ලබා ගත හැක.
http://www.cert.gov.lk/Downloads/Acts/Computer_Crimes_Act_No_24_of_2007(S).pdf

පරිගණක වයිරස හඳුනාගනිමු

පරිගණක වයිරසයක් යනු කුමක්ද ?   පරිගණක වයිරසයක් යනු, එක් පරිගණකයක සිට තවත් පරිගණකයකට පැතිර යා හැකි, පරිගණකයේ ක්‍රියාකාරිත්වයට බලපෑම් කළ හ...