Dec 10, 2017

අනවසරයෙන් ඊමේල් ගිණුමට පිවිසෙන්නන් හදුනාගන්න.

පුද්ගලයෙකුගේ විද්‍යුත් තැපැල් ගිණුමක් (a email account) යනු අතිශයින්ම පෞද්ගලික දේපළකි. කිසිවෙකු විසින් එහි ලිපි ආදිය අනවසරයෙන් කියවීම හෝ වෙනත් කටයුතු සදහා අදාල විද්‍යුත් තැපැල් ගිණුම භාවිතා කිරීම නීති විරෝදී ක්‍රියාවක් වන්නේ ය. ජීමේල් වැනි විද්‍යුත් තැපැල් සේවාවන්හි කෙතරම් ආරක්ෂාවක් තිබුණද ඔබ අතින් සිදුවන කුඩා අත්වැරදීමක් හේතුවෙන් අන් අයෙකු අතට ඔබේ විද්‍යුත් තැපැල්හි රහස් අංකය පත් වුවහොත් ඔබගේ පෞද්ගලිකත්වයට විශාල හානියක් සිදු විය හැකිය. මෙම තත්වයට පත් නොවී සිටීමට වග බලා ගන්නා ආකාරයත් මෙම ව්‍යසනයට මුහුණ දුන්නේ නම් එයින් මිදෙන ආකාරයත් මෙම ලිපියෙන් පරිගණක පියස පාඨකයන් වෙත ගෙන එන්නෙමු.

හැක් වීමෙන් වලකිමු.

ඔබගේ විද්‍යුත් තැපැල් ගිණුම වෙනත් අයෙක් අතට පත් වීමෙන් වැලකීමට මූලික වශයෙන් ඔබගේ විද්‍යුත් තැපැල් රහස් අංකය ශක්තිමත් මුරපදයක් (password) විය යුතුය. එය අංක, අකුරු හා විශේෂ සංකේත භාවිතා කරගෙන නිර්මාණය කිරීමත් එක් අකුරක් හෝ කැපිටල් අකුරක් වීමත් වැනි උපක්‍රම යොදා ගැනීම මගින් කිසිවෙකුට බිද හෙලිය නොහැකි මුරපදයක් නිර්මාණය කර ගත හැක. තවද ඔබගේ ගිණුමේ මුරපදය ඇතුළු විස්තර ලියා තැබීමද නොකළ යුතුය. තවත් කරුණක් වන්නේ ඔබ, ඔබේ නොවන පොදු උපාංග හෝ වෙනත් අයෙකුගේ උපාංගයක් භාවිතා කොට විද්‍යුත් තැපෑල් මෙන්ම වෙනත් ගිණුම් පරීක්ෂා කරන විට එම වෙබ් බ්‍රව්සර මගින් මුරපදයන් ආරක්ෂා (save) කරගනී. එවැනි අවස්ථාවලදී ඔබ අදාල ගිණුමෙන් ඉවත් වුවද (Sign out) වෙනත් පුද්ගලයෙකුට පහසුවෙන් ඔබේ ගිණුමට ඇතුළු විය හැකියි. මෙම අවධානමෙන් මිදීම සඳහා ඔබ වෙනත් උපාංගයක් භාවිතා කොට (විශේෂයෙන් ඉන්ටර්නෙට් කැෆේ) ගිණුම් පරීක්ෂා කිරීමේදී ඔබේ මුරපදය එහි බ්‍රව්සරයෙහි සේව් නොවීමට වග බලා ගන්න. එසේ සේව් වුවහොත් නැවත එය මකා දැමීමට අමතක නොකරන්න. තවද ඔබේ ජංගම දුරකථන ආදිය අළුත්වැඩියා කිරීමට ලබාදීමේදී ද ප්‍රවේශම් වීමටද වග බලා ගත යුතුය.

හැක් වී ඇත්දැයි දැනගන්න.

දැනටමත් ඔබගේ ඊමේල් ගිණුමට අනවසරයෙන් කවුරුන් හෝ ඇතුළු වී ඔබගේ ලිපි කියවනවාදැයි දැනගැනීම වැදගත් කරුණක් වනු ඇත. ඒ සඳහා ජීමේල් ගිණුමට සාමාන්‍ය පරිදි ඇතුළු වී (sign in) එහි ඔබ වෙත ලැබුණු ලිපි ඇතුලත් වන inbox හි පහළින් ඇති Last account activity වෙත අවධානය යොමු කරන්න. දැන් එයට පහළින් ඇති Details යන ලින්කුව ක්ලික් කරන්න. (01 රූපය)
01 රූපය
01 රූපය
එවිට 02 රූපයේ දැක්වෙන පරිදි වින්ඩෝවක් මතු වනු ඇත. එහි ඉහළින්ම concurrent session information යටතේ ඔබ මේ මොහොතේ භාවිතා කරන උපාංගය හා IP ලිපිනය දැක්වේ. ඊට පහළින් Recent activity යටතේ ඔබගේ ගිණුමට ඇතුළු වූ අනික් උපාංග, ඇතුලත් වූ දිනයන් හා IP ලිපිනයන් දැක්වේ. මෙහිදී ඔබ මෙම IP ලිපින කෙරේ වැඩි අවධානයක් යොමු කළ යුතු අතර ඔබගේ IP ලිපිනයට අමතරව වෙනත් IP ලිපින ඇත්දැයි විමසිලිමත් විය යුතුයි. එසේ වෙනස් IP ලිපින ඇත්නම් ඒවාට අදාල Access type යටතේ ඇති Show details ක්ලික් කර එම මොහොතේ ගිණුමට ඇතුළු වි ඇති උපාංගයේ වර්ගය ඇතුළු විස්තර ලබා ගත හැකියි. එයද ඔබ කිසිදා භාවිතා කර නැති ආගන්තුක උපාංගයක් බවට තහවුරු කර ගතහොත් අනිවාර්යෙන්ම ඔබගේ ජීමේල් ගිණුමට අනවසර ඇතුළුවීමක් සිදුව ඇත.
2
02 රූපය

අනවසර ඇතුළුවීමක් සිදුවුවහොත්.

ඉහතින් සදහන් කළ අන්දමට ඔබගේ ජීමේල් ගිණුමට අනවසරයෙන් කෙනෙකු ඇතුළු වු බවට තහවුරු කරගත් පසු වහාම ඔබ සිදු කළ යුත්තේ ඉහත දැක්වූ වින්ඩෝවේ ඇති Sign out all other web sessions යන බටනය ක්ලික් කර මෙතෙක් ඔබගේ ජීමේල් ගිණුමට ඇතුළු වී ඇති සියළුම උපාංග වලින් ඉවත් වීමයි (03 රූපය). එමගින් අනවසර ඇතුළුවන්නාගේ උපාංගයෙන්ද Sign out වීම සිදුවේ.
3
03 රූපය
නමුත් අදාල තැනැත්තා ළග ඔබගේ මුරපදය ඇතිනම් හෝ බ්‍රව්සරයේ සේව් වී ඇතිනම් කලින් සදහන් කළ උපක්‍රමය පමණක් ප්‍රමාණවත් නොවේ. අනිවාර්යෙන්ම ඔබගේ ජීමේල් ගිණුමේ මුරපදය වෙනස් කළ යුතුය. ඒ සඳහා ඉහත පියවර අනුගමනය කළායින් පසුව ලැබෙන වින්ඩෝවේ ඇති change your password යන්න ක්ලික් කිරීම හා ඉන්පසුව ලැබෙන උපදෙස් පිළිපැදීම මගින් ඔබගේ මුරපදය පහසුවෙන් වෙනස් කර ගත හැක. එමගින් නැවත වරක් ඔබගේ ජීමේල් ගිණුමට අනවසර ඇතුළුවන්නන්ට නොහැකි වනු ඇත.
(පුද්ගලික අත්දැකීමක් ඇසුරිණි.)

පරිගණක වයිරස හඳුනාගනිමු

පරිගණක වයිරසයක් යනු කුමක්ද ?   පරිගණක වයිරසයක් යනු, එක් පරිගණකයක සිට තවත් පරිගණකයකට පැතිර යා හැකි, පරිගණකයේ ක්‍රියාකාරිත්වයට බලපෑම් කළ හ...