
පරිගණක ආශ්‍රිත අපරාධ වීර ක්‍රියා ලෙස සැලකීමට බොහෝ දෙනා පෙළඹී ඇත්තේ බොහෝවිට අනවබෝධය නිසා විය හැකිය. මේ වීරක්‍රියා ඇගයීම කෙලවර වන්නේ යම්කිසිවිටක තමන්ට එවන්නක ගොදුරක් වීමට සිදුවූ විටය. බැංකු ගිණුමේ මුදල් අතුරුදහන් වී තිබුවහොත්, නැතහොත් අවම වශයෙන් තම Facebook ගිණුම අන්සතුවී හෝ තිබු ඡායාරූප කොහේ හෝ වෙබ් අඩවියක share වෙමින් පැවතුනහොත් ඇතිවිය හැකි තත්වය කුමක්දැයි මෑතක වූ සිදුවීම් රැසකින් නිදසුන් සමග පෙන්වා ඇත.ලංකාවේ සෑම දෙයටම බැන අඬ ගසනු වෙනුවට ලංකාවේ නීති පද්ධතිය තුල මෙවැනි ක්‍රියා සඳහා රැකවරණයක් තිබීම පිලිබඳ සතුටු විය යුතුය. එසේම නීතිය නොදැනීම නිදහසට කරුණක් ලෙස පිළිගන්නේ ද නැත. අප දන්නා තරමින් ඔබගේ Email ගිණුම හරහා යවන email එකක් වුවද නීතිය ඉදිරියේ වලංගු ලියවිල්ලක් ලෙස සැලකිය හැකිය.
මෙහි ඇති සැබෑ ගැටලුව පරිගණක ආශ්‍රිත හෝ බුද්ධිමය දේපල අපරාධ පිලිබඳ අපගේ ඇති සංවේදී බවේ අඩුකමය. පරිගණක ආශ්‍රිත හෝ බුද්ධිමය දේපල පිලිබඳ අපරාධ අනෙකුත් අපරාධ ආකාරයෙන්ම සැලකීමට ලාංකිකයන් යාවත්කාලීන වියයුතුය. මෙහිදී රටේ නීතිය ඉදිරියෙන් සිටීම අගය කලයුතුය. අදාල පනත් පිලිබඳ වැඩි විස්තර පහතින් ලබා ගත හැක.
http://www.cert.gov.lk/Downloads/Acts/Computer_Crimes_Act_No_24_of_2007(S).pdf