Nov 7, 2017

පරිගණක පාඩම් සරළව සිංහලෙන් 05

Keyboard (යතුරු පුවරුව)
පරිගණකය සමග සම්බන්ධකම් පවත්වන ප්‍රධානම යොමු උපකරණය Keyboard එකය. Keyboard එක මගින් Mouse එකක් රහිතව ක්‍රියා කළ හැකි වන පරිදි Keys ගණනාවක් ඇත. එහෙත් ඒවා භාවිතය පිළිබද මනා දැනුමක් තිබිය යුතුය. පරිගණක යතුරු පුවරුවේ දකුණු පස ඇති සංඛ්‍යාත්මක යතුරු අහුරුම හෙවත් Numerical Keypad එක මගින් ගණීතමය කටයුතු පහසුවෙන් කල හැකිය. පහත රූපය අධ්‍යයනය කිරීමෙන් Keyboard එකෙහි ඇති එක් එක් Keys මොනවාද යන්න හඳුනාගන්න.
Function Keys.
ඔබ භාවිතා කරන මෘදුකාංග විසින් මෙම යතුරු සඳහා විශේෂයෙන් පවරා ඇති කාර්යයන් ඉටු කරයි. උදාහරණයක් ලෙස ඔබ බාවිතා කරන මෙම Internet Browser එකේම සිට F1 යතුර ඔබන්න. එවිට මෙම Browser එකට අදාළ Help වින්ඩෝව හෙවත් බාවිතා කරන ආකාරය දැක්වෙන උපදෙස් මාලාවට රැගෙන යයි. මෙහි F1 සිට F12 වන තෙක් යතුරු 12ක් ඔබට දැකිය හැකිය.
Control Keys.
ඔබ බාවිතා කරන මෘදුකාංගය අනුව, ඔබ කරන කාර්ය අනුව යම් යම් විධාන ලබාදීම, කෙටි ක්‍රම භාවිතා කිරීම උදාහරණ වශයෙන් කරන කාර්යයෙන් ඉවත් වීමට, Copy Past කිරීම, Undo Redo කිරීම, Save කිරීම, Delete කිරීම වැනි ක්‍රියාකාරකම් මවුසය භාවිතා නොකර කීබෝඩයෙන්ම කර ගැනීමට මෙම CTRL, ALT, Shift, Windows ලාංඡන යතුර , DELETE, INSERT සහ ESC යන යතුරු භාවිතා කරයි.
Typing Keys.
සාම්ප්‍රදායික යතුරු ලියනයක (Type writer) අකාරයට අකුරු 26, ඉලක්කම්, විරාම ලකුණු, සහ සංකේත යතුරු ඇතුළත් කොට ඇත. මෙහි අකුරු ඉංග්‍රීසි හෝඩියේ අනුපිලිවෙලට අකුරු දක්වා නැත්තේ අකුරු ටයිප් කිරීමේදී අතට පහසු ලෙස හැසිරවීම සඳහායි.
Navigation Keys.
මෙම යතුරු ඔබ බාවිතා කරන මෘදුකාංගය අනුව හෝ වෙබ් පිටුවල එහා මෙහා යාමට HOME, END, PAGE UP, PAGE DOWN බාවිතා කරයි.
Numeric Keys.
ගණිතමය කටයුතු සඳහා සාමාන්‍ය Calculator එකක පිහිටුවා ඇති ආකාරයෙන් Keyboard එකෙහි වෙනමම කොටසක පිහිටුවා ඇත.
මෙම පාඩම් මාලාව සකස් කිරීමේදී කී බෝඩය හා මවුසය ක්‍රියාකරණ ආකාරය මම සඳහන් කලේ වින්ඩෝස් පාඩමට ආදාල කරගෙනයි. එය මම එසේ කලේ මෙහිදී අපට වැඩ කරන්නට සිදුවන්නේ වින්ඩෝස් පරිගණකයට අදාළව නිසායි. මම මුලින්ම කීබෝඩය හා මවුසය ගැන සඳහන් කලා නම් ඔබ ඇපල් පරිගණකයක් බාවිතා කලහොත් එය මෙයට වඩා යම් යම් වෙනස්කම් රාශියක් ඇති නිසා ඔබ අපහසුතාවයට පත් වීමට ඉඩ තිබූ නිසායි.
ඉතිරි කොටස හා සම්බන්ධ වේ.

පරිගණක වයිරස හඳුනාගනිමු

පරිගණක වයිරසයක් යනු කුමක්ද ?   පරිගණක වයිරසයක් යනු, එක් පරිගණකයක සිට තවත් පරිගණකයකට පැතිර යා හැකි, පරිගණකයේ ක්‍රියාකාරිත්වයට බලපෑම් කළ හ...