Nov 3, 2017

පරිගණක පාඩම් සරළව සිංහලෙන් 02

පරිගණකය, නැත්නම් Computer එක හැදිල තියෙන්නේ විද්‍යුත් හා යාන්ත්‍රික කොටස් උපයෝගී කරගෙනයි. නමුත් පරිගණකය තනිව ගත් කල එයට කිසිදු බුද්ධිමත් තත්වයක්, බුද්ධිමත් හැකියාවක් නැහැ. මේ නිසා පරිගණකය තනිව ගත් කල කිසිදු පුද්ගලයෙකුට කිසිම වැඩක් කරගත නොහැකි උපකරණයකි. පරිගණකය බුද්ධිමය තත්වයට පත් වීමට නම් එය පරිගණක පද්ධතියක් බවට පත්විය යුතුය. පරිගණක පද්ධතියක් බිහිවීමට නම්
  1. Liveware (ජීවාංග)
  2. Hardware (දෘඩාංග)
  3. Software (මෘදුකාංග)
යන අංග තුනෙහිම ක්‍රියාකාරීත්වය එක හා සමානවම වැදගත්. මින් එක් අංගයක හෝ ක්‍රියාකාරීත්වය සිදු නොවුනහොත් සම්පූර්ණ පරිගණක පද්ධතියෙහිම ක්‍රියාකාරීත්වය ඇන හිටිනවා.

01. Liveware (ජීවාංග)
පරිගණක පද්ධතියට සම්බන්ධ ජීවී කොටස් Liveware ලෙස හැඳින්වේ. එනම් ලොව කිසිම දෙයකට සමකළ නොහැකි බුද්ධියකින් හෙබි මිනිසා වේ.

02. Hardware (දෘඩාංග)
පරිගණකයෙහි සියළුම යාන්ත්‍රික සහ විද්‍යුත් කොටස්, එහෙමත් නැත්නම් ඔබට පරිගණකයෙහි අතින් ඇල්ලිය හැකි  සියළුම උපකරණ Hardware කොටසට ඇතුලත් වේ.  මේවා Input Devices  හා Output Devices ලෙස කොටස් කර දැක්විය හැකියි. සමහර Hardware කොටස් Input හා Output Devices යන දෙවර්ගයටම අයත් වේ.
03. Software (මෘදුකාංග)
මොලොව කිසිම දෙයකට සමකළ නොහැකි බුද්ධිමත් මිනිසා විසින් නිර්මාණය කළ බුද්ධියක් නොමැති Hardware සමඟ ගනුදෙනු කරන්නේ මිනිසා විසින්ම නිර්මාණය කළ Software යන අතරමැදියා හරහාය. පරිගණකයෙහි ප්‍රධාන මතකය තුල ස්ථාපිත කිරීමෙන් අනතුරුව මිනිසා විසින් ලබා දෙන සියළු දත්ත  (Data) Hardware කොටස් වලට තේරුම් කරදී එම දත්ත නැවත තොරතුරු (Information) ලෙස මිනිසාට ලබාදීම සිදුකරයි. මෙය Liveware,  Hardware සමඟ කතාකරන භාෂාව වේ.
මීලඟ පාඩමෙන් අප Software පිළිබඳ දීර්ග ලෙස සාකච්ඡා කිරීමට බලාපොරෙත්තු වේ.
මෙය මූලිකවම අප රටෙහි දරුවන්ගේ තොරතුරු තාක්ෂණික දැනුම වර්ධනය කිරීමට බලාපොරොත්තුවන පාඩම් මාලාවක් වේ. ඉතින් ඔබගේ අදහස්, යෝජනා, චෝදනා Comment කරගෙනම යන්න. ඒක අපිට ලොකු ශක්තියක් වෙයි මේක ඉදිරියට කරගෙන යන්න. ස්තූතියි.... දිගටම රැඳී සිටින්න.

පරිගණක වයිරස හඳුනාගනිමු

පරිගණක වයිරසයක් යනු කුමක්ද ?   පරිගණක වයිරසයක් යනු, එක් පරිගණකයක සිට තවත් පරිගණකයකට පැතිර යා හැකි, පරිගණකයේ ක්‍රියාකාරිත්වයට බලපෑම් කළ හ...