Nov 1, 2017

පරිගණක පාඩම් සරළව සිංහලෙන්


Computer එක කියන්නේ විදුලියෙන් ක්‍රියා කරන යන්ත්‍රයක් (Machine එකක්) දත්ත (Data) තොරතුරු (Information) බවට පත් කරන එක තමයි Computer එකේ ප්‍රධාන කාර්ය වෙන්නේ. ඒ විතරක් නෙමෙයි තොරතුරු ගබඩා කිරීමසන්නිවේදන කටයුතුගණනය කිරීම් ආදී ඕනෑම කාර්යයක් මේ මගින් කර ගන්න පුළුවන්.



මොනවද මේ Data
Data කියන්නේ සකස් නොකරන ලද දේවල්. තවත විදිහකින් කියනවනම් අපි දන්න හැම දෙයක්ම දත්ත කියලා හඳුන්වන්න පුළුවන් අර්ථවත් දෙයක් ලබා ගැනීමට පෙර එහි මූලික අවධිය දත්ත කියලා කියන්නත් පුළුවන්

Information කියන්නේ?
අපි කලින් කථා කරපු දත්ත යම් කිසි පිළිවෙලකට සකස් කළාම ඒවා Information කියලා හඳුන්වනවා. තොරතුරු වලින් දත්ත වලට වඩා අපට නිගමනතීරණ ගන්න පුළුවන්. ඒ වගේම Information වල තිබිය යුතු විශේෂ ගුණාංග අනුව අපට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්.

Information වල තිබිය යුතු ගුණාංග (Qualities of Information)
1.            අදාල කාර්යය සඳහා සුදුසු විය යුතු වීම.
2.            ප්‍රමාණවත් පරිදි තිබීම.
3.            නිවැරදි වීම.
4.            භාවිතා කරන්නාට පැහැදිළි වීම.
5.            විශ්වාසවන්ත වීම.
6.            නිවැරදි පුද්ගලයාට සන්නිවේදනය කළ හැකිවීම.
7.            කාලෝචිත වීම.
8.            වටිනාකමක් තිබිය යුතුවීම.
දැන් අපි බලමු Computer එකක ඇති වාසි මොනවද කියලා.
1. Speed
පරිගණකයක් මගින් යම්කිසි කාර්යයක් ඉතාමත් ඉක්මණින් සිදුකර ගන්න පුළුවන්. මේ වේගය මැනීමට තත්පරෙන් 1/1000000, තත්පරෙන් 1/1000,000,000 වගේ ඉතා කුඩා මිනුම් යොදා ගන්නවා.
2. Accuracy
පරිගණකයට වරදින්නේ නැහැ. වැරදි හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමේ හැකියාව පරිගණකයට තිබෙනවා. වැරදි සිදුවන්නේ User හෝ තාක්ෂණික කරුණු මුල් කරගෙනයි.
3. Diligence
පරිගණකය යන්ත්‍රයක්. මේ නිසා වෙහෙසක් දැනෙන්නෙ නෑ. කොතරම් කාර්යයක් කරන්න තිබුණත් පළමු කාර්යය වගේම අවසාන කාර්යයද නිවැරදිව සිදු කරනවා.
4. Automation
පරිගණකයට ස්වයංක්‍රීයව වැඩ කිරීමේ හැකියාව තිබෙනවා. Operator අවශ්‍ය තොරතුරු ලබාදුන් පසු පරිගණකයට තනිවම ක්‍රියා කරන්න පුළුවන්.
5. Power of Remembering (Storage)
පරිගණකයට විශාල දත්ත ප්‍රමාණයක් මතකයේ ස්ථිර ලෙස තැන්පත් කරගත හැකිය.
6. Versatility
පරිගණකයට එකවර විශාල වැඩ ප්‍රමාණයක් කරන්න පුළුවන්.

එතකොට අවාසි මොනවද?
·                     පරිගණකයට මිනිසාට වගේම ඕනෑම දෙයක් ඕනෑම වේලාවක කළ නොහැකියි.
·                     පරිගණකයට කාර්යයක් කිරීමේදී නම්‍ය මෘදු භාවයක් නැහැ.
·                     පරිගණකයට සිතා බලා තීරණ ගන්න බැහැ.


පරිගණක වයිරස හඳුනාගනිමු

පරිගණක වයිරසයක් යනු කුමක්ද ?   පරිගණක වයිරසයක් යනු, එක් පරිගණකයක සිට තවත් පරිගණකයකට පැතිර යා හැකි, පරිගණකයේ ක්‍රියාකාරිත්වයට බලපෑම් කළ හ...