පරිගණක වයිරසයක් යනු කුමක්ද ?
පරිගණක වයිරසයක් යනු, එක් පරිගණකයක සිට තවත් පරිගණකයකට පැතිර යා හැකි,
පරිගණකයේ ක්‍රියාකාරිත්වයට බලපෑම් කළ හැකි ස්වයං පතිගුණනය විය හැකි කුඩා
පරිගණක වැඩසටහන් වේ. මෙවැනි වයිරසයකට ඔබේ පරිගණකෙය් ඇති වැදගත් දත්ත
වෙනස් කිරීමට හෝ විනාශ කිරීමට හැක.බොහොමයක් වයිරස අපගේ පරිගණක තුලට
පැමිණෙන්නේ ක්‍රියාත්මක කළ හැකි ගොනු (Executable files) සමඟ ඇමුණුමක්
ලෙසිනි.එබැවින් අප මෙම ගොනු ක්‍රියාත්මක කළ විට හෝ විවෘත කළ විට වයිරසවල
ක්‍රියාකාරිත්වය ආරම්භ විය හැක.
බහුලව පවතින වයිරස ආකාර
පරිගණක වයිරස, ස්පයිවෙයා(ර්), ඇඩ්වෙයා(ර්), ට්‍රෝජන් හෝර්ස්, වෝ(ර්)ම්
යනාදී සියල්ල මැල්වෙයා(ර්) ආකාර වේ. එනම් ඔබගේ පරිගණකයට හානි පැමිණවිය
හැකි, ඔබගේ අනුදැනුමකින් තොරව දත්ත සොරාගන්නා හෝ විනාශ කරන ඕනෑම වැඩසටහනක්
මැල්වෙයා(ර්) ආකාරයකි.
ස්පයිවෙයා(ර්) – වඩාත් බහුල වයිරස ආකාරයකි. යෙමකුගේ පරිගණක ආශ්රිත ක්‍රියාකාරකම් පිළිබඳව ඔහුගේ අනුදැනුමකින් තොරව දත්ත රැස්කරයි.
ඇඩ්වෙයා(ර්) – ඔබගේ අනුදැනුමකින් තොරව පරිගණකයේ
ස්ථාපනය වී තිරය මත වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම සිදු කරයි. මේවා මඟින්
යෙමකුගේ අන්තර්ජාලය භාවිතා කිරීමේ පුරුදු යනාදිය පිළිබඳව දත්ත රැස්කරයි.
ට්‍රෝජන් හෝර්ස්- මෙම වයිරසවලට ස්වයං පතිගුණනය වීමේ
හැකියාවක් නැත. මේවා ප්‍රයෝජනවත් වැඩසටහන් ලෙස පැමිණෙන හානිකර වැඩසටහන්වේ.
මෙමඟින් ඔබගේ පරිගණකයෙන් පුද්ගලික තොරතුරු සොරකම් කිරීම,නිශ්චිත දිනයකදී
හෝ කාලයකදී පරිගණකයට හානි පැමිණවීම ආදිය සිදුකෙරේ.
වෝ(ර්)ම් – මේවා සාම්පදායික වයිරස ආකාරවලින් වෙනස්ය.
මේවා එක් පරිගණකයක සිට තවත් පරිගණකයකට පැතිර යාමේදී කිසිදු මිනිස්
ක්රියාකාරිත්වයක බලපෑමකින් තොරව එය සිදු වේ. ඔබගේ පරිගණකය තුලදී ස්වයං
ප්‍රතිගුණනය වීමේ හැකියාවක් ඇත. උදාහරණයක් ලෙසට මේවා ඔබගේ පරිගණකය තුලදී
පිටපත් සිය දහස් ගණනක් ඉබේම ඇති වී ඔබගේ ඉ-තැපැල් ලිපින පොතෙහි සියලුම ලිපිනයන්ට යැවිය හැක. ඉන්පසු එම ලිපිනයන්හිදීද මෙම ක්‍රියාවලිය
මෙලසම සිදු වේ. එබැවින් මෙම වෝ(ර්)ම් ආකාර වයිරසවලට පරිගණක ජාලයන් හරහා
ස්වයංකීයව පැතිරීමට හැක.
ඔබේ පරිගණකයට වයිරස ඇතුලු වන්නේ කෙසේද ?
පරිගණක වයිරස, ඉ-තැපැල් පණිවුඩ සහ ඉ-තැපැල් ඇමුණුම් මඟින් පහසුවෙන්ම
පැතිරිය හැකිය. ඉ-තැපෑල මඟින් පැතිරෙන වයිරස බොහොමයක් ආකර්ෂණීය පින්තූර,
සුබ පැතුම්පත්, සිත් ඇදගන්නා ශ්‍රව්‍ය දෘශ්‍ය ගොනු යනාදිය ලෙසින්
වෙස්වළාගෙන ඔබ වෙත පැමිණිය හැක.එම නිසා මෙලස ඔබ වෙත එන අනෙප්ක්ෂිත හෝ කා
විසින් එවන ලද දැයි නොදන්නා ඉ-තැපැල් ඇමුණුම් විවෘත නොකර සිටීම නුවණට
හුරුය. එපමණක්ද නොව, ඔබ අන්තර්ජාලෙයන් බාගත කිරීම් සිදුකරන විටද මෙම පරිගණක
වයිරස ඔබගේ පරිගණකයට ඇතුලු විය හැක.
පරිගණක වයිරස් ආසාදනයන්හි ලක්ෂණ
1. පරිගණකය සාමාන්‍ය තත්වයට වඩා අඩු වේගයකින් ක්‍රියා කිරීම.
2. පරිගණකය නිරතුරුවම ස්වයංකීයව නැවත පණ ගැන්වීම හා අසාමාන්‍ය ලෙස ක්‍රියා කිරීම.
3. පරිගණකෙය් ඇති වැඩසටහන් නිසියාකාරව ක්‍රියා නොකිරීම.
4. අසාමාන්‍ය වැරදි පණිවුඩ දිස්වීම.
5. ඔබ විසින් නිර්මාණය නොකරන ලද නව අයිකන පරිගණක තිරය මත දිස්වීම.
6. ඔබ විසින් පරිගණකෙයන් ඉවත් නොකරන ලද වැඩ සටහන් පරිගණකෙයන් ඉවත්ව ඇති ලෙස දිස්වීම.
ඔබෙග් පරිගණකය වයිරස ආකමණයන්ගෙන් වළකා ගන්නේ කෙසේද ?
1. අන්තර්ජාලය සඳහා ෆයර් වෝල් භාවිතා කිරීම.
2. පරිගණකෙය් මෙහයුම් පද්ධතිය හා භාවිතා කරන මෘදුකාංග යාවත්කාලීන කිරීම.
3. යාවත්කාලීන කරන ලද විශ්වාසදායී ප්‍රති වයිරස මෘදුකාංගයක් භාවිතා කිරීම.
4. නොදන්නා ප්‍රභවයන් ගෙන් එන ඉ-තැපැල් ඇමුණුම් විවෘත නොකිරීම.
5. දන්නා ප්‍රභවයකින් වුවද, අන්තර්ගතය නොදන්නා ඉ-තැපැල් ඇමුණුම් විවෘත නොකිරීම.
6. ඉ-තැපැල් ඇමුණුම් විවෘත කිරීමට පෙර වයිරස පරීක්ෂාවක් සිදු කිරීම.
7. සැකසහත වෙබ් අඩවිවලට ප්‍රවේශ වීමෙන් වැළකීම.
8. අන්තර්ජාලෙයහි නොදන්නා ප්රභවයන්ට ඔබගේ වැදගත් පුද්ගලික තොරතුරු (
ඉ-තැපැල් ලිපිනය, බැංකු ගිණුම් අංක, ක්‍රෙඩිට් කාඩ් අංක) සැපයීමෙන් වැළකීම.
9. අන්තර්ජාලෙයන් බාගත කිරීමේදී විශ්වාසදායී වෙබ් අඩවිවලින් පමණක් සිදු කිරීම.
ෆයර්වෝලයක් යනු කුමක්ද ?
ෆයර්වෝලයක් යනු, වෙනත් පිටස්තර පරිගණක ජාලයකින් අපෙග් පරිගණක ජාලයක් වෙත
පැමිණෙන දත්ත ඇතුලු වීමට අවසර ලබාදෙන හෝ ඇතුලු වීම වළක්වන මෘදුකාංගයක් හෝ
දෘඪාංගයකි. උදාහරණයක් ලෙස, යම්කිසි ආයතනයක් තුළ ඇති පරිගණක ජාලයක් මගින්
අන්තර්ජාලයට ප්‍රවේශ වීමේදී පිටස්තර පුද්ගලයින් විසින් අන්තර්ජාලය හරහා
ආයතනික දත්ත ලබාගැනීම වැළැක්වීමටත්, ආයතනය තුළට අන්තර්ජාලෙයන් පැමිණෙන දත්ත
පාලනය කිරීමටත් ෆයර්වෝල් ස්ථාපනය කරනු ලැබේ.
මෙලසින්ම, අපගේ පුද්ගලික පරිගණකවලටද, ෆයර්වෝල් ස්ථාපනය කර ගැනීමෙන්
පරිගණකයට අන්තර්ජාලෙයන් පැමිණිය හැකි වයිරස් උවදුරු වළකා ගත හැක. ෆයර්වෝල්
මඟින් එය හරහා යන එන සියලුම දත්ත පරීක්ෂා කර එම දත්තවල ගමනාන්තය සඳහා අවසර
දීම තීරණය කෙර්. මෙය සිදුකෙරන්නේ පරිශීලකයා විසින් සකසනු ලබන නීති
පද්ධතියකට අනුවය.
ප්‍රති වයිරස මෘදුකාංගයක් යනු කුමක්ද ?
ප්‍රති වයිරස මෘදුකාංගයක් යනු, පරිගණක වයිරස ඇතුලු සියලුම වෝ(ර්)ම්,
ටෝජන් හෝර්ස් යනාදී හානිකර වැඩසටහන් අපගේ පරිගණක තුළට ඇතුලු වීම වැළැක්වීම,
ඇතුලු වූ වයිරස අනාවරණය හා ඉවත් කිරීම උදෙසා නිපදවන ලද පරිගණක මෘදුකාංග
වේ.
ප්‍රති වයිරස මෘදුකාංගයක් කියා කරන්නේ කෙසේද ?
ප්‍රති වයිරස මෘදුකාංගයක් වයිරස හඳුනාගැනීමේදී හා පරීක්ෂා කිරීමේදී ආකාර 2කට ක්‍රියා කරයි.
1. කලින් හඳුනාගන්නා ලද වයිරස තිබේදැයි පරීක්ෂා කිරීම.
2. වයිරස බවට සැකකළ හැකි පරිගණක වැඩසටහන් තිබේදැයි පරීක්ෂා කිරීම.
කලින් හඳුනාගන්නා ලද වයිරස තිබේදැයි පරීක්ෂා කිරීම.
මෙහිදී ප්‍රති වයිරස මෘදුකාංගය නිර්මාණය කරන විටදීම හඳුනාගෙන ඇති වයිරස
ආකාර පිළිබඳ දත්ත ඇතුලත් දත්ත ගබඩාවක් භාවිතා කෙර්. නව ගොනුවක්
පිරික්සීමේදී එම ගොනුවේ හඳුනාගත් වයිරස තිබේදැයි පරීක්ෂා කර බලා එසේ නම්
ගොනුව විනාශ කිරීම හෝ
නිරෝධායනය කිරීම (Move to quarantine) හෝ ගොනුව ප්‍රතිසංස්කරණය කිරීම සිදු කෙර්.
මෙමඟින් එම වයිරසය තවදුරටත් පැතිර යාම වැළැකේ. නව වයිරස සොයාගැනීමත් සමගම
ප්‍රති වයිරස මෘදුකාංග දත්ත ගබඩාද යාවත්කාලීන වන බැවින් අපගේ පරිගණකවල
ස්ථාපනය කරන ලද ප්‍රති වයිරස මෘදුකාංග නිතර යාවත්කාලීන කිරීමෙන් නව
වයිරසයන්ගේ
ආකමණයන්ට ලක්වීමේ අවදානම අඩුකරගත හැක. මේවා ස්ථාපනය කළ පසු අපගේ පරිගණකය පණගැන්වීමේදී වයිරස පරීක්ෂා වැඩටහනද ක්‍රියාත්මක වීම ඇරෙඹ්.
වයිරස බවට සැකකළ හැකි පරිගණක වැඩසටහන් තිබේදැයි පරීක්ෂා කිරීම.
මෙහිදී දන්නා වයිරස හඳුනාගැනීම වෙනුවට පරිගණකයේ සෑම ගොනුවක්ම,
වැඩසටහනක්ම පරීක්ෂාවට ලක්කිරීමක් සිදුකෙර්. නිදසුනක් ලෙස යම්කිසි වැඩසටහනක්
මඟින් පරිගණයේ ක්‍රියාත්මක කළ හැකි ගොනුවලට (Executable files) ලිවීමට
උත්සාහ දරන බව දුටුවෙහොත් එම වැඩසටහන සැකසහිත වැඩසටහනක් ලෙස ඔබට අනතුරු
ඇගවීමක් සිදු කෙර්. මෙහිදී පරිශීලකයාට අනතුරු ඇගවීම අනුව වැඩසටහන තවදුරටත්
ධාවනය කරන්නේද පරිගණකයෙන් ඉවත් කරන්නේද යන්න තීරණය කළ හැක. එමනිසා මෙම
තාක්ෂණය භාවිතා කරන මෘදුකාංග මඟින් තවමත් හඳුනානොගත් වයිරසයන්ගේ ආකමණයන්ට
ලක්වීමේ අවදානම අඩුකරගත හැක.
ප්‍රති වයිරස මෘදුකාංගයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
අද ලෝකෙය් ප්‍රති වයිරස මෘදුකාංග නිපදවන්නන් බොහොමයකි. මේවායින් ඔබගේ
පරිගණකයට ගැලෙපන මෘදුකාංගය තෝරාගැනීම පරිශීලකයාගේ අව්‍යශතා අනුව වෙනස් වේ.
නමුත් ඕනෑම ප්‍රති වයිරස මෘදුකාංගයක් සඳහා ප්‍රධානව සලකා බැලිය යුතු කරුණු වන්නේ,
1. ස්වයංකීයව යාවත්කාලීන වීමේ හැකියාව.
2. මෘදුකාංග නිපදවන්නා ක්‍රමානුකූලව යාවත්කාලීන වයිරස විග්‍රහයක් සපයන්නේද යන බව.
3. මෘදුකාංගයට ඔබගේ ඉ-තැපැල් වැඩසටහන සමග එක්ව ක්‍රියා කළ හැකිද යන්න.
4. වයිරස පරීක්ෂාවන් ස්වයංකීයව සිදුකළ හැකිවේද යන්න.
5. මෘදුකාංග නිපදවන්නා විසින්, අලුතෙන් සොයාගන්නා ලද වයිරස පිළිබඳ නිවැරදි හා කාලෝචිත තොරතුරු ප්‍රකාශයට පත් කරන්නේද යන බව.
අද ලෝකෙය් බහුලවම භාවිතා වන ප්‍රති වයිරස මෘදුකාංග
1. AntiVir
2. NOD32
3. Kaspersky
4. Norton
5. Avast Essentials
6. VIPRE
7. AVG
8. BitDefender
9. Microsoft Security
ඔබගේ පරිගණකයේ ආරක්ෂාව පිළිබඳ හෝ වයිරස පිළිබඳ ප්‍රශ්න ඇත්නම් පහත ලිපිනයන් හා සබැඳෙන්න.
TechCERT – www.techcert.lk
දුරකථන (011) 421-6066
ඉ-තැපැල් – info@techcert.lk
මූලාශ්‍ර: TechCERTආයතනය (www.techcert.lk) සහ ලක් වසම් අධිකාරිය (LK Domain Registry) ආයතනයන් ගෙන් ප්රකාශයටපත්කළ පත්‍රිකා.
Dec 27, 2017
Dec 10, 2017
අනවසරයෙන් ඊමේල් ගිණුමට පිවිසෙන්නන් හදුනාගන්න.
පුද්ගලයෙකුගේ
විද්‍යුත් තැපැල් ගිණුමක් (a email account) යනු අතිශයින්ම පෞද්ගලික
දේපළකි. කිසිවෙකු විසින් එහි ලිපි ආදිය අනවසරයෙන් කියවීම හෝ වෙනත් කටයුතු
සදහා අදාල විද්‍යුත් තැපැල් ගිණුම භාවිතා කිරීම නීති විරෝදී ක්‍රියාවක්
වන්නේ ය. ජීමේල් වැනි විද්‍යුත් තැපැල් සේවාවන්හි කෙතරම් ආරක්ෂාවක් තිබුණද
ඔබ අතින් සිදුවන කුඩා අත්වැරදීමක් හේතුවෙන් අන් අයෙකු අතට ඔබේ විද්‍යුත්
තැපැල්හි රහස් අංකය පත් වුවහොත් ඔබගේ පෞද්ගලිකත්වයට විශාල හානියක් සිදු විය
හැකිය. මෙම තත්වයට පත් නොවී සිටීමට වග බලා ගන්නා ආකාරයත් මෙම ව්‍යසනයට
මුහුණ දුන්නේ නම් එයින් මිදෙන ආකාරයත් මෙම ලිපියෙන් පරිගණක පියස පාඨකයන්
වෙත ගෙන එන්නෙමු.
හැක් වීමෙන් වලකිමු.
ඔබගේ
විද්‍යුත් තැපැල් ගිණුම වෙනත් අයෙක් අතට පත් වීමෙන් වැලකීමට මූලික වශයෙන්
ඔබගේ විද්‍යුත් තැපැල් රහස් අංකය ශක්තිමත් මුරපදයක් (password) විය යුතුය.
එය අංක, අකුරු හා විශේෂ සංකේත භාවිතා කරගෙන නිර්මාණය කිරීමත් එක් අකුරක් හෝ
කැපිටල් අකුරක් වීමත් වැනි උපක්‍රම යොදා ගැනීම මගින් කිසිවෙකුට බිද හෙලිය
නොහැකි මුරපදයක් නිර්මාණය කර ගත හැක. තවද ඔබගේ ගිණුමේ මුරපදය ඇතුළු විස්තර
ලියා තැබීමද නොකළ යුතුය. තවත් කරුණක් වන්නේ ඔබ, ඔබේ නොවන පොදු උපාංග හෝ
වෙනත් අයෙකුගේ උපාංගයක් භාවිතා කොට විද්‍යුත් තැපෑල් මෙන්ම වෙනත් ගිණුම්
පරීක්ෂා කරන විට එම වෙබ් බ්‍රව්සර මගින් මුරපදයන් ආරක්ෂා (save) කරගනී.
එවැනි අවස්ථාවලදී ඔබ අදාල ගිණුමෙන් ඉවත් වුවද (Sign out) වෙනත් පුද්ගලයෙකුට
පහසුවෙන් ඔබේ ගිණුමට ඇතුළු විය හැකියි. මෙම අවධානමෙන් මිදීම සඳහා ඔබ වෙනත්
උපාංගයක් භාවිතා කොට (විශේෂයෙන් ඉන්ටර්නෙට් කැෆේ) ගිණුම් පරීක්ෂා කිරීමේදී
ඔබේ මුරපදය එහි බ්‍රව්සරයෙහි සේව් නොවීමට වග බලා ගන්න. එසේ සේව් වුවහොත්
නැවත එය මකා දැමීමට අමතක නොකරන්න. තවද ඔබේ ජංගම දුරකථන ආදිය අළුත්වැඩියා
කිරීමට ලබාදීමේදී ද ප්‍රවේශම් වීමටද වග බලා ගත යුතුය.
හැක් වී ඇත්දැයි දැනගන්න.
දැනටමත් ඔබගේ ඊමේල් ගිණුමට අනවසරයෙන් කවුරුන් හෝ ඇතුළු වී ඔබගේ ලිපි කියවනවාදැයි දැනගැනීම වැදගත් කරුණක් වනු ඇත. ඒ සඳහා ජීමේල් ගිණුමට
සාමාන්‍ය පරිදි ඇතුළු වී (sign in) එහි ඔබ වෙත ලැබුණු ලිපි ඇතුලත් වන
inbox හි පහළින් ඇති Last account activity වෙත අවධානය යොමු කරන්න. දැන්
එයට පහළින් ඇති Details යන ලින්කුව ක්ලික් කරන්න. (01 රූපය)
එවිට 02
රූපයේ දැක්වෙන පරිදි වින්ඩෝවක් මතු වනු ඇත. එහි ඉහළින්ම concurrent session
information යටතේ ඔබ මේ මොහොතේ භාවිතා කරන උපාංගය හා IP ලිපිනය දැක්වේ. ඊට
පහළින් Recent activity යටතේ ඔබගේ ගිණුමට ඇතුළු වූ අනික් උපාංග, ඇතුලත් වූ
දිනයන් හා IP ලිපිනයන් දැක්වේ. මෙහිදී ඔබ මෙම IP ලිපින කෙරේ වැඩි අවධානයක්
යොමු කළ යුතු අතර ඔබගේ IP ලිපිනයට අමතරව වෙනත් IP ලිපින ඇත්දැයි
විමසිලිමත් විය යුතුයි. එසේ වෙනස් IP ලිපින ඇත්නම් ඒවාට අදාල Access type
යටතේ ඇති Show details ක්ලික් කර එම මොහොතේ ගිණුමට ඇතුළු වි ඇති උපාංගයේ
වර්ගය ඇතුළු විස්තර ලබා ගත හැකියි. එයද ඔබ කිසිදා භාවිතා කර නැති ආගන්තුක
උපාංගයක් බවට තහවුරු කර ගතහොත් අනිවාර්යෙන්ම ඔබගේ ජීමේල් ගිණුමට අනවසර
ඇතුළුවීමක් සිදුව ඇත.
අනවසර ඇතුළුවීමක් සිදුවුවහොත්.
ඉහතින් සදහන්
කළ අන්දමට ඔබගේ ජීමේල් ගිණුමට අනවසරයෙන් කෙනෙකු ඇතුළු වු බවට තහවුරු කරගත්
පසු වහාම ඔබ සිදු කළ යුත්තේ ඉහත දැක්වූ වින්ඩෝවේ ඇති Sign out all other
web sessions යන බටනය ක්ලික් කර මෙතෙක් ඔබගේ ජීමේල් ගිණුමට ඇතුළු වී ඇති
සියළුම උපාංග වලින් ඉවත් වීමයි (03 රූපය). එමගින් අනවසර ඇතුළුවන්නාගේ
උපාංගයෙන්ද Sign out වීම සිදුවේ.
නමුත් අදාල
තැනැත්තා ළග ඔබගේ මුරපදය ඇතිනම් හෝ බ්‍රව්සරයේ සේව් වී ඇතිනම් කලින් සදහන්
කළ උපක්‍රමය පමණක් ප්‍රමාණවත් නොවේ. අනිවාර්යෙන්ම ඔබගේ ජීමේල් ගිණුමේ
මුරපදය වෙනස් කළ යුතුය. ඒ සඳහා ඉහත පියවර අනුගමනය කළායින් පසුව ලැබෙන
වින්ඩෝවේ ඇති change your password යන්න ක්ලික් කිරීම හා ඉන්පසුව ලැබෙන
උපදෙස් පිළිපැදීම මගින් ඔබගේ මුරපදය පහසුවෙන් වෙනස් කර ගත හැක. එමගින් නැවත
වරක් ඔබගේ ජීමේල් ගිණුමට අනවසර ඇතුළුවන්නන්ට නොහැකි වනු ඇත.
(පුද්ගලික අත්දැකීමක් ඇසුරිණි.)
Dec 5, 2017
ලංකාවේ පරිගණක අපරාධ (Computer/Cyber Crime)
ලංකාවේ පවතින නීතිය අනුව, වෙබ් අඩවි, E mail (Facebook ගිණුම් පවා),
මෘදුකාංග පද්ධති hack කිරීම, අනවසර මෘදුකාංග හෝ වෙනත් බුද්ධිමය දේපල
පිටපත් කිරීම හෝ භාවිතය ආදී මෙකී නොකී අයථා ක්‍රියා නීති විරෝධී වේ.
පරිගණක ආශ්රිත අපරාධ වීර ක්‍රියා ලෙස සැලකීමට බොහෝ දෙනා පෙළඹී ඇත්තේ බොහෝවිට අනවබෝධය නිසා විය හැකිය. මේ වීරක්‍රියා ඇගයීම කෙලවර වන්නේ යම්කිසිවිටක තමන්ට එවන්නක ගොදුරක් වීමට සිදුවූ විටය. බැංකු ගිණුමේ මුදල් අතුරුදහන් වී තිබුවහොත්, නැතහොත් අවම වශයෙන් තම Facebook ගිණුම අන්සතුවී හෝ තිබු ඡායාරූප කොහේ හෝ වෙබ් අඩවියක share වෙමින් පැවතුනහොත් ඇතිවිය හැකි තත්වය කුමක්දැයි මෑතක වූ සිදුවීම් රැසකින් නිදසුන් සමග පෙන්වා ඇත.ලංකාවේ සෑම දෙයටම බැන අඬ ගසනු වෙනුවට ලංකාවේ නීති පද්ධතිය තුල මෙවැනි ක්‍රියා සඳහා රැකවරණයක් තිබීම පිලිබඳ සතුටු විය යුතුය. එසේම නීතිය නොදැනීම නිදහසට කරුණක් ලෙස පිළිගන්නේ ද නැත. අප දන්නා තරමින් ඔබගේ Email ගිණුම හරහා යවන email එකක් වුවද නීතිය ඉදිරියේ වලංගු ලියවිල්ලක් ලෙස සැලකිය හැකිය.
මෙහි ඇති සැබෑ ගැටලුව පරිගණක ආශ්රිත හෝ බුද්ධිමය දේපල අපරාධ පිලිබඳ අපගේ ඇති සංවේදී බවේ අඩුකමය. පරිගණක ආශ්රිත හෝ බුද්ධිමය දේපල පිලිබඳ අපරාධ අනෙකුත් අපරාධ ආකාරයෙන්ම සැලකීමට ලාංකිකයන් යාවත්කාලීන වියයුතුය. මෙහිදී රටේ නීතිය ඉදිරියෙන් සිටීම අගය කලයුතුය. අදාල පනත් පිලිබඳ වැඩි විස්තර පහතින් ලබා ගත හැක.
http://www.cert.gov.lk/Downloads/Acts/Computer_Crimes_Act_No_24_of_2007(S).pdf
පරිගණක ආශ්රිත අපරාධ වීර ක්‍රියා ලෙස සැලකීමට බොහෝ දෙනා පෙළඹී ඇත්තේ බොහෝවිට අනවබෝධය නිසා විය හැකිය. මේ වීරක්‍රියා ඇගයීම කෙලවර වන්නේ යම්කිසිවිටක තමන්ට එවන්නක ගොදුරක් වීමට සිදුවූ විටය. බැංකු ගිණුමේ මුදල් අතුරුදහන් වී තිබුවහොත්, නැතහොත් අවම වශයෙන් තම Facebook ගිණුම අන්සතුවී හෝ තිබු ඡායාරූප කොහේ හෝ වෙබ් අඩවියක share වෙමින් පැවතුනහොත් ඇතිවිය හැකි තත්වය කුමක්දැයි මෑතක වූ සිදුවීම් රැසකින් නිදසුන් සමග පෙන්වා ඇත.ලංකාවේ සෑම දෙයටම බැන අඬ ගසනු වෙනුවට ලංකාවේ නීති පද්ධතිය තුල මෙවැනි ක්‍රියා සඳහා රැකවරණයක් තිබීම පිලිබඳ සතුටු විය යුතුය. එසේම නීතිය නොදැනීම නිදහසට කරුණක් ලෙස පිළිගන්නේ ද නැත. අප දන්නා තරමින් ඔබගේ Email ගිණුම හරහා යවන email එකක් වුවද නීතිය ඉදිරියේ වලංගු ලියවිල්ලක් ලෙස සැලකිය හැකිය.
මෙහි ඇති සැබෑ ගැටලුව පරිගණක ආශ්රිත හෝ බුද්ධිමය දේපල අපරාධ පිලිබඳ අපගේ ඇති සංවේදී බවේ අඩුකමය. පරිගණක ආශ්රිත හෝ බුද්ධිමය දේපල පිලිබඳ අපරාධ අනෙකුත් අපරාධ ආකාරයෙන්ම සැලකීමට ලාංකිකයන් යාවත්කාලීන වියයුතුය. මෙහිදී රටේ නීතිය ඉදිරියෙන් සිටීම අගය කලයුතුය. අදාල පනත් පිලිබඳ වැඩි විස්තර පහතින් ලබා ගත හැක.
http://www.cert.gov.lk/Downloads/Acts/Computer_Crimes_Act_No_24_of_2007(S).pdf
Nov 28, 2017
මිල දී ගන්නා පරිගණක මෙහෙයුම් පද්ධති සඳහා විකල්පයක් ලෙස ලබා ගත හැකි නොමිලේ ලබා දෙන පරිගණක මෙහෙයුම් පද්ධති.
අද වන විට
බොහෝ සෙයින් මෘදුකාංග වෙළඳපළ තුළ පවතින්නේ තීරණාත්මක වූ තරඟයකි. මෑතක දී නිකුත් වූ
නවතම වින්ඩෝස් සංස්කරණය තරමක් අසාර්ථකත්වයක් පෙන්නුම් කළ නිසා දෝ මයික්‍රොසොෆ්ට්
සමාගම විසින් එම මෙහෙයුම් පද්ධතිය සඳහා යාවත්කාලීන වූ සංස්කරණයක් නිකුත් කිරීමට වග
බලා ගත්තේය. නිදහස් මෘදුකාංග ලොව තුළ මේ ආකාරයේ අසාර්ථක වීම් වාර්තා වීම අඩු වන්නේ
එම මෘදුකාංග ලොව වටා බොහෝ සංවර්ධකයන් අතින් තම තමන්ගේ රටාවට අනුව සකස් කරගන්නා
බැවිනි. එසේ වූ විට දෝශ සහිත වූ මෘදුකාංග ඇත්නම් ඒවා නිරවද්‍ය කරගනිමින් සකස් කර හොඳම සංස්කරණය දායාද කරනු ලබයි. එ විට
ඇති වන දෝෂයන් අවම වන අතර ඉතා ඉක්මණින් යාවත්කාලීනයන් නිකුත් කරමින් කාලයට ඔබින
පරිදි සකස් වේ. එසේ සකස් වන නිදහස් මෘදුකාංග ලොව තුළ පරිගණක මෙහෙයුම් පද්ධති රාශිය
අතුරින් කිහිපයක් පිළිබඳව අප විමසීමක් මේ ලිපියෙන් සිදු කරමු.
Ubuntu - Linux For Human Beings "ලෝකයාට දිගුවූ මනුෂ්‍යත්වයේ දෑත්"
නිදහස් පරිගණක මෙහෙයුම් පද්ධති අතර හිණිපෙත්තේම වැජඹෙන මෙය වටා අද වන විට
ලොව විශාල පරිශීලකයින් පිරිසක් රොද බැඳ සිටින අතර දිනෙන් දිනම එම සංඛ්‍යාව
ඉහළ යමින් පවතී. කැනොනිකල් නම් ලාභ නො ලබන සමාගමකට අයත් මෙම පරිගණක
මෙහෙයුම් පද්ධතිය සම්පූර්ණයෙන්ම පාහේ නොමිලේ භාවිතයට සකසා ඇත.
Ubuntu 13.04
2. Linux Mint
Mint 13 Maya. Gnome 3 වර්ගයේ අතුරුමුහුණතක් හිමිය. පලපුරුදු ලිනක්ස්
පරිශීලකයින් විසින් මෙය බොහෝ විට භාවිතා කරයි. ඒත් එහි ඇති සරල බව අන් සැමටත් මෙය භාවිතය පහසු කරයි. browser plugins, media codecs, DVD
playback
සහය, Java and other components යනාදී අංග යොදා තිබීම මෙය ජනප්‍රිය වීමට මුලික හේතු වී
ඇත.
වාසි:
# මෙයට ආවේණික වූ tools
රාශියක් තිබීම.
# පරිශීලක මිතුරු බව වැඩිකර තිබීම.
# ඕනෑම වර්ගයක මීඩියා ෆයිල්ස් ධාවනය කල හැකි වීම.
අවාසි:
# මෙහි වෙළඳ සංස්කරණයක් පවතින අතර එයට ලබාදෙන සමහර ගුණාංග නිදහස් සංස්කරණයේ
අඩංගු නොවීම.
# සමහර ආරක්ෂක අඩුපාඩුකම් පැවතීම. නමුත් අන් ඩිස්ට්‍රෝ හා සැසඳීමේදී කරගත
හැකි කාර්යන් බොහෝය.
Linux Mint 13 Maya
3. Fedora
2003
පටන් මෙය
ඉදිරිපත් කරයි. රෙඩ්-හැට් වල නිදහස් සංස්කරණය වුවත් ඒ එක එකට අනන්‍ය වූ
ගුණාංග පවතී. මාස හයකට වරක් මෙහි සංස්කරණ එළි දක්වයි. අලුතින් ලිනක්ස්
භාවිත කරන්නන්ට ද පහසු ආකාරයට සකසා ඇත.
වාසි:
# සුපිරි
ආරක්ෂක ගුණාංග
# Packages
බොහොමයකට සහය
දැක්වීම
# සම්පූර්ණයෙන්ම
නව නිර්මාණයකි. උපුටා ගැනීමක් නොමැත.
අවාසි:
# KDE
4 සහ GNOME
3 සඳහා downgrade
කළ නොහැක.
Fedora
4. Debian
තනි පරිශීලකයන්ට හඳුන්වා දුන් ඩිස්ට්‍රෝ එකකි. මෙය
ලිනක්ස් කර්නලය මත
පදනම් වී ඇත. 20,000
කට වඩා කලින් සකස් කරපු කෙලින්ම ස්ථාපනය කලහැකි වැඩසටහන් නොමිලේ ලබාගත හැකිවේ. ප්‍රාථමික වැඩසටහන් මෙහි අන්තර්ගත කර ඇත (media player, web browser වැනි..
). අලංකාර අතුරුමුහුණතක් ඇත.
වාසි:
# Quality
Control කිරීම අති
විශිෂ්ඨය.
# Processor
Architecture ගණනාවකට සහය දක්වයි(අන් ඩිස්ට්‍රෝ වලට සාපේක්ෂව).
අවාසි:
# සංස්කරණ
ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය මන්දගාමිය.
# ඒ හේතුව නිසා
අලුත්ම තාක්ෂණික අංග එක් කිරීමට නොහැකි වේ.
Debian
5. Open SUSE
ඉතා අලංකාරවත් අතුරු මුහුණතකින් යුක්ත මෙම මෙහෙයුම් පද්ධතිය නවෙල්(Novell) සමාගම
ඉදිරිපත් කරයි. බොහෝ දෘඩාංග නිෂ්පාදකයෝ මීට සහය දක්වයි. එ බැවින් කාර්යයන් කිරීම ඉතා පහසුය.
වාසි:
# විස්තර සහිත
වටිනා මෘදුකාංග රැසක් අඩංගු වේ.
# මාර්ගගත ව
වැඩි පහසුකම් සපයයි.
අවාසි:
# වැඩි
අලංකාරත්වයට වැඩි පරිගණක ශක්‍යාතාවක් අවශ්‍ය වීම අවාසියකි.
Open SUSE
මීට අමතරව අපගේ රට තුළ ද අපට ගැලපෙන ආකාරයට විවිධාකාර වූ ලිනක්ස් පාදක නොමිලේ ලබා දෙන මෙහෙයුම් පද්ධති කිහිපයක් හඳුන්වා දී ඇත.
1. හන්තාන ලිනක්ස්
මෙහි මෙනු ආදී විශේෂාංග සියල්ලම සිංහලෙන් ඇති අතර මෘදුකාංග රාශියක් අඩංගුව ඇති නිසා පරිගණකයේ ස්ථාපනය කළ වෙලාවේ සිට වැඩ කටයුතු කරගෙන යාමට හැකිය. එ මෙන්ම පරිගණක සඳහා මෘදුකාංග ලියන්නන් වෙත වැඩි අවධානයක් යොමු කරමින් ඒ සඳහා අවශ්‍ය මෘදුකාංග සියල්ලක්ම පාහේ මෙහි අන්තරගත කර තිබීම විශේෂිතය.
හන්තාන ලිනක්ස්
2. ලංකානෙට් ලිනක්ස්
කළින්
කතා කළ හන්තාන ලිනක්ස් මෙන්ම ඉතා ප්‍රයෝජනවත් මෘදුකාංග රාශියකින්ම අඩංගු
වන මෙය උබුන්ටු හි සිංහල සංස්කරණයක් මෙන් භාවිත කළ හැකි මනරම් මෙහෙයුම්
පද්ධතියකි.
ලංකානෙට් ලිනක්ස්
මෙසේ
භාවිත වන පරිගණක මෙහෙයුම් පද්ධති සමස්තයක් වශයෙන් ගත් කල ලොව වටා
පරිශිලකයින් විශාල පිරිසක් භාවිත කරන අතර අනාගතය වන විට ලොව පුරා තවත්
විශාල පිරිසක් නිදහස් මෙහෙයුම් පද්ධති කරා ඇදී ඒමේ සම්භාවිතාවයක් පවතී.
මෙසේ පරිගණක මෙහෙයුම් පද්ධති පිළිබඳව ලිපි පෙළ අවසන් වන අතර පරිගණකයක් මිල
දී ගැනීමට පෙර අප විසින් සැලකිලිමත් විය යුතු කරුණු ඇතුළත් ලිපිය සමඟින්
මී ළඟට හමු වෙමු.
Nov 23, 2017
පරිගණකයක් මිල දී ගැනීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු
පරිගණකයක
හැකියාවන් පිළිබඳව මැන බැලිය හැක්කේ එහි අඩංගු මෘදුකාංගයන්හි සංස්කරණයන් සමඟින්
එහි අඩංගු මෙහෙයුම් පද්ධතිය ධාවනය වීමේ දී ඇතිවන සුමට ක්‍රියාකාරිත්වය මඟිනි. යම්
කිසි පරිගණකයක අළුත්ම වින්ඩෝස් සෙවන් හෝ වින්ඩෝස් එයිට් ධාවනය වීමේ දී යම් කිසි
බාධාවන් හෝ මෙහෙයුම් පද්ධතිය සමඟ අඩංගු මෘදුකාංග සුමටව ධාවනය නො වන්නේ නම් එම
පරිගණයේ අදාළ මෙහෙයුම් පද්ධතිය හෝ මෘදුකාංග ධාවනය වීමට අදාළ අවශ්‍යතා සපුරා නො
මැති හෝ ඊට වඩා යාන්තමින් සපුරා ඇතැයි සිතිය හැකිය. පරිගණකයක් මිලදී ගැනීමට පෙර අප
විසින් වඩා සැලකිලිමත් විය යුත්තේ එ බැවිනි.
බොහෝ දුරට
පරිගණක මිල දී ගැනීමේ දී අප විසින් කළින් භාවිත කරන ලද පරිගණකයක් මිල දී ගැනීමට
පෙළඹුණ ද එහි ඇති අනිසි විපාකය වැටහෙන්නේ එය මිගදී ගැනීමෙන් ටික කාලයක් ගෙවී ගිය
පසුවය. අවශ්‍ය පරිදි උපාංග සොයා ගැනීමට නො හැකි වීම ද, අමතර කොටස් හිඟ වීම ද, මෙයට
හොඳම උදාහරණයකි. එ මෙන්ම එකලස් කරන ලද පරිගණක මිලදී ගැනීම ද මෙයට සමාන වූ විපාකයන්
අප හට ගෙන දෙන වැරදි තීරණයකි. මන්ද යත් බොහෝ එකලස් කරන කරන ලද පරිගණකවල ඇත්තේ ඒ ඒ
සුදුසු පරිගණක දෘඩාංග නො වන අතර බොහෝ දුරට ඒ හා සමීප දෘඩාංග වේ. මිල දී ගෙන කලක්
ගත වන විට පරිගණකය ක්‍රියාත්මක නොකළ හැකි තරම් මන්දගාමී වීම (Slow) හා රත් වීම ද, පරිගණකය
එක් වරම ක්‍රියා නොකරන පරිදි වීම (Stuck) හා අභ්‍යන්තර දත්ත සකසනය රත් වීම නිසා පරිගණකය වරින් වර
නැවත නැවතත් පරිශීලකයාගේ අවසරයකින් තොරව ක්‍රියා කිරිම ( Restart) ආදිය වීම නිසාඑකලස්
කරන ලද පරිගණක මිල දී නො ගැනීම නුවණට හුරුය. එවන් පරිගණකයන්හි පරිගණක උපාංග කොටස්
යාවත්කාලීන කරගැනීමට නො හැකි බැවින් බොහෝ දුරට පරිගණකය හරි හැටි භාවිත කරගැනීමටත්
පෙරම භාවිතයෙන් කල් ඉකුත් වූ උපකරණයක් බවට පත් වීම සිදු වේ. මේ නිසා පිළිගත් වෙළඳ
නාමයක් යටතේ එකම නිෂ්පාදකයාගෙන් නිෂ්පාදිත පරිගණකයක් මිල දී ගැනීම නුවණට හුරුය.
පරිගණකයක් මිලදී ගැනීමට පෙර දී අප විසින් සිතා
බැලිය යුතු කරුණු රාශියකි.
- භාවිත කරන පරිගණක මෙහෙයුම් පද්ධතිය.
- පරිගණකයෙන් ඉටු කිරීමට බලාපොරොත්තු වන කටයුතු.
- පරිගණකය භාවිත කරන්නා අනුව අවශ්‍ය වන්නේ ලැප්ටොප් පරිගණකයක්ද නැතහොත් ඩෙස්ක්ටොප් පරිගණකයක්ද යන බව. ප්‍රධාන වේ.
භාවිත වන මෙහෙයුම් පද්ධතිය අනුව පරිගණකයක් තෝරා ගැනීම
දැනට ඇති නවතම
පරිගණක මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් එයිට් ධාවනය වීම සඳහා පරිගණකයක තිබිය යුතු
මූලික අවශ්‍යතාවයන් ලෙස පහත දැක්වෙන අවශ්‍යතා දැක්වේ.
-
Processor: 1 gigahertz (GHz) or faster with support for PAE, NX, and SSE2 (more info)
-
RAM: 1 gigabyte (GB) (32-bit) or 2 GB (64-bit)
-
Hard disk space: 16 GB (32-bit) or 20 GB (64-bit)
-
Graphics card: Microsoft DirectX 9 graphics device with WDDM driver
Additional requirements to use certain features:
- To use touch, you need a tablet or a monitor that supports multitouch (more info)
- To access the Windows Store and to download and run apps, you need an active Internet connection and a screen resolution of at least 1024 x 768
- To snap apps, you need a screen resolution of at least 1366 x 768
- Internet access (ISP fees might apply)
- Secure boot requires firmware that supports UEFI v2.3.1 Errata B and has the Microsoft Windows Certification Authority in the UEFI signature database
- Some games and programs might require a graphics card compatible with DirectX 10 or higher for optimal performance
- Microsoft account required for some features
- Watching DVDs requires separate playback software (more info)
- Windows Media Center license sold separately (more info)
- BitLocker To Go requires a USB flash drive (Windows 8 Pro only)
- BitLocker requires either Trusted Platform Module (TPM) 1.2 or a USB flash drive (Windows 8 Pro only)
- Client Hyper-V requires a 64-bit system with second level address translation (SLAT) capabilities and additional 2 GB of RAM (Windows 8 Pro only)
- A TV tuner is required to play and record live TV in Windows Media Center (Windows 8 Pro Pack and Windows 8 Media Center Pack only)
- Free Internet TV content varies by geography, some content might require additional fees (Windows 8 Pro Pack and Windows 8 Media Center Pack only)
දැනට බහුලවම භාවිත වන නවතම පරිගණක මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් සෙවන් පරිගණක මෙහෙයුම් පද්ධතිය ධාවනය වීමට පරිගණකයක සපුරා ලිය යුතු මූලික අවශ්‍යතාවයන් පහත දැක්වේ.
- 1 gigahertz (GHz) or faster 32-bit (x86) or 64-bit (x64) processor
-
1 gigabyte (GB) RAM (32-bit) or 2 GB RAM (64-bit)
-
16 GB available hard disk space (32-bit) or 20 GB (64-bit)
-
DirectX 9 graphics device with WDDM 1.0 or higher driver
Additional requirements to use certain features:
-
Internet access (fees may apply)
-
Depending on resolution, video playback may require additional memory and advanced graphics hardware
-
Some games and programs might require a graphics card compatible with DirectX 10 or higher for optimal performance
-
For some Windows Media Center functionality a TV tuner and additional hardware may be required
-
Windows Touch and Tablet PCs require specific hardware
-
HomeGroup requires a network and PCs running Windows 7
-
DVD/CD authoring requires a compatible optical drive
-
BitLocker requires Trusted Platform Module (TPM) 1.2
-
BitLocker To Go requires a USB flash drive
-
Windows XP Mode requires an additional 1 GB of RAM and an additional 15 GB of available hard disk space.
-
Music and sound require audio output
නමුත් මෙම
මූලික අවශ්‍යතා සපුරාලන්නේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය ධාවනය වීමට අවශ්‍ය පරිසරය
සකස් කර දීම පමණි. එ බැවින් මෙම අවශ්‍යතා සපුරාලන්නේ නම් මෙහෙයුම් පද්ධතිය ධාවනය
කරමින් අපට අවශ්‍ය අනෙකුත් වැඩසටහන් ද ධාවනය කරවිය හැකි යයි අප සිතයි නම් එය සාවද්‍ය
අදහසකි. අප බොහෝ විට පරිගණකයක් මිලදී ගැනීමට පෙර සිදු කරන වැරදි කාර්යය ද එයයි. එ
මෙන්ම වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතිය ධාවනය කිරීමට සුදුසු පරිගණකයක් තෝරා
ගැනීම අනුමත කළ නො හැක්කේ එම සමාගම විසින් ලබන වසර වන විට එක්ස්පී මෙහෙයුම්
පද්ධතිය භාවිතයෙන් ඉවත් කරන මෙහෙයුම් පද්ධතියක් බවට නම් කර ඇති බැවිනි. එසේ වන විට
එම මෙහෙයුම් පද්ධතිය සඳහා අවශ්‍ය වන පරිගණක මෘදුකාංග ආදිය සොයා ගැනීම දුෂ්කර
කාර්යයක් බවට පත් වේ. එ බැවින් බොහෝ දුරට නිර්දේශ කළ හැක්කේ පරිගණකයක් මිල දී
ගැනීමේ දී දැනට ඇති නවතම පරිගණක මෙහෙයුම් පද්ධතියට වඩා එක් පියවරක් පිටුපසින්
සිටිනි මෙහෙයුම් පද්ධතියක් ධාවනය කළ හැකි පරිගණකයක් තෝරා ගැනීමය. එ විට පරිගණකයේ
දෘඩාංග හා මෘදුකාංග සඳහා සහාය දක්වන Drivers හා අනෙකුත් මෘදුකාංග අන්තර්ජාලය හරහා ඉතා
පහසුවෙන් සොයා ගැනීමට හැකිය.
කිරීමට බලාපොරොත්තුවන කාර්යයන් අනුව පරිගණකයක් තෝරා ගැනීම
කිරීමට
බලාපොරොත්තු වන්නේ සාමාන්‍ය ලිපි සැකසීමේ කටයුතු ආදිය පමණක් නම් පරිගණකයේ මෙහෙයුම්
පද්ධතිය ධාවනය වීමට අවශ්‍ය වන ප්‍රමාණයට වඩා අවම වශයෙන් 1GB රැම් මතකයක් හා
පරිගණකයේ අභ්‍යන්තර මතක සකසනය මෙහෙයුම් පද්ධතියට ධාවනය වීමට අවශ්‍ය අවම සුදුකමට
වඩා වැඩි වීම නිර්දේශයයි. එහෙත් පරිගණකය මඟින් වීඩියෝ වැඩසටහන් සංස්කරණය හා
ඡායාරූප සැකසීම ආදී කාර්යයන් සිදු කෙරෙනවා නම් අවම වශයෙන් පරිගණක මෙහෙයුම් පද්ධතිය
ධාවනය වීම සඳහා අවශ්‍ය රැම් මතකයට වඩා 2 GB වත් රැම්
මතකය තිබිය යුතුය. එ විට බාධාවකින් තොරව එම කටයුතු සිදු
කර ගැනීමට හැකි වේ. එ මෙන්ම මේ සියළු පරිගණක සඳහා DVD
ධාවකයකට වඩා සුදුසු වන්නේ DVD ලිවීමට ද හැකි DVD රයිටරයකි.
බොහෝ දුරට නිෂ්පාදිත පරිගණක මිල දී ගැනීමේ දී ද නිෂ්පාකයාගේ
වෙළඳ නාමයට පමණක්ම නො රැවටී එම පරිගණක නිෂ්පාදකයාගේ ලංකාවේ සිටින බලයලත් අලෙවි නියෝජිතයින්
හරහාම පරිගණකය මිල දී ගැනීම අනුමත කරන අතරම පරිගණකයේ අභන්තර දත්ත සකසනය බොහෝ දුරට Intel එකක් වීම සුදුසු ය. මන්ද යත් AMD අභ්‍යන්තර දත්ත සකසන බොහෝ දුරට රත්
වීම අධික වන අතර පසු කාලීකව භාවිතයේ දී අමතර කොටස් සොයා ගැනීමේ අපහසුතාවන් ද පවතින
බැවිනි. එ මෙන්ම දැනට ඇති අළුත්ම මාදිලියේ දත්ත සකසනයන් සහිත පරිගණක වුව ද මිලදී
ගැනීම අවාසිදායක වන්නේ වෙළඳපොළට නිකුත් කළ වහාම ඒවායේ මිල අධික වන බැවිනි. එසේ නම්
මිල දී ගත යුතු හොඳම පරිගණක අභ්‍යන්තර දත්ත සකසන මාදිලිය වන්නේ දැනට ඇති නවීනතම
පරිගණක මතක සකසනයට වඩා පියවරක් පසු පසින්, එනම් Intel 3rd
Generation i3, i5, i7 මාදිලියේ පරිගණක වීම හොඳය.
එ මෙන්ම අදාළ නිෂ්පාදකයාගේ වගකීම් සඳහන් ස්ටිකර්
පරිගනකයේ අලවා තිබේ දැයි විමසා බැලීම හා අදාළ වගකීම් කාලය අලෙවි නියෝජිතයාගෙන්
විමසා බැලීම ද ඉතා සුදුසු වන අතර පරිගණකයේ හාඩ් ඩිස්ක් ධාවකය අවම වශයෙන් 500GB වත් වීම සුදුසුය. දුනට ඇති නවීනතම පරිගණක සියල්ලක්ම පාහේ S-ATA සම්බන්ධතාවයන් සහිත හාඩ් ඩිස්ක් ධාවකවලින් යුතු ඒවා වන අතර කළින් සඳහන්
කළ පරිදි DVD රයිටරයකින් සමන්විත වීම ඉතා හොඳය.
එ මෙන්ම මව් පුවරුවට පිටතින් උපාංග සවි කිරීමේ හැකියාවකින්
යුක්තදැයි විමසා බැලීම ද කළ යුතු අතර බොහෝ විට ග්‍රැෆික් කාඩ්
ආදිය පිටතින් සවි කිරීමට සඳහා පහසුකම් තිබේ නම් එම පරිගණකය ඉතා හොඳ එකක් බව කිව යුතුය.
පරිගණක තිරය ද දැනට ඇති බල ශක්තිය පිරිමසින LCD හෝ LED තිරයක් වීම ඉතාමත්ම සුදුසුය.
ලැප්ටොප් පරිගණකයක් තෝරා ගැනීම.
නිතර තැන තැන රැගෙන ගොස් තම කටයුතු ඉටු කර ගැනීමට හැකි නිසා ලැප්ටොප්
පරිගණකය දැන් ඩෙස්ක්ටොප් පරිගණකයට වඩා ජනප්‍රිය ය. ලැප්ටොප් පරිගණකයක් එම
ධාරිතාවයම ඇති ඩෙස්ක් ටොප් පරිගණකයකට වඩා තරමක් වේගය අඩු වන අතර එකම ධාරිතවයක් ඇති
වුව ද ලැප්ටොප් පරිගණකය ඩෙස්ක්ටොප් පරිගණකයකට වඩා මිලෙන් දෙ ගුණයකටත් වඩා වැඩි ය.
ලැප්ටොප් පරිගණකයක් මිල දී ගැනීමේ දී ද පිළිගත් වෙළඳ නාමයන් සහිත සහ අදාළ බලයලත්
ලාංකික අලෙවි නියෝජිතයාගෙන්ම මිල දී ගැනීම ඉතා සුදුසු වන අතර එය අප්ග්‍රේඩ් කළ
හැකි දැයි, එනම්, පසු කාලීනව පවතින දෘඩාංගයන් පරිශීලකයාගේ අවශ්‍යතාවය මත ඉහළ
මට්ටමක ඒවා බවට වෙනස් කර ස්ථාපනය කළ හැකිදැයි විමසා සැක හැර දැනගැනීමත්, වගකීම්
කාලය ලබා දෙන ආකාරය විමසීමත් අනිවාර්යය අංග වේ. එ මෙන්ම දැනට පවතින නවීනතම
මාදිලියේ අභන්තර දත්ත සකසනය බොහෝ දුරට Intel එකක් වීම
සුදුසු ය. මන්ද යත් AMD අභ්‍යන්තර දත්ත සකසන බොහෝ දුරට රත් වීම අධික වන අතර පසු
කාලීකව භාවිතයේ දී අමතර කොටස් සොයා ගැනීමේ අපහසුතාවන් ද පවතින බැවිනි. එ මෙන්ම
දැනට ඇති අළුත්ම මාදිලියේ දත්ත සකසනයන් සහිත පරිගණක වුව ද මිලදී ගැනීම අවාසිදායක
වන්නේ වෙළඳපොළට නිකුත් කළ වහාම ඒවායේ මිල අධික වන බැවිනි. එසේ නම් මිල දී ගත යුතු
හොඳම පරිගණක අභ්‍යන්තර දත්ත සකසන මාදිලිය වන්නේ දැනට ඇති නවීනතම පරිගණක මතක සකසනයට
වඩා පියවරක් පසු පසින්, එනම් Intel 3rd Generation i3, i5, i7 මාදිලියේ අභ්‍යන්තර දත්ත සකසන සහිත ලැප්ටොප් පරිගණක වීම සෑහේ. එ සේම
බ්ලූටූත් සබඳතාව හා වයිෆයි සබඳතාවයත් DVD රයිටරයකින් සමන්විත
වීමත් අනිවාර්යය අංගයක් විය යුතුය.
එසේම ලැප්ටොප් පරිගණක තුළින් වීඩියෝ ක්‍රීඩා කිරීම අනුමත
කළ නොහැකිය. එයට හේතුව එ විට එහි බැටරිය ඉක්මණින්ම බැස යාම හා ඒ මඟින් නැවත නැවත
ආරෝපණය කිරීම තුළින් ලැප්ටොප් පරිගණකයේ බැටරිය ඉක්මණින් අභෘවිතයට පත් වීම සිදු විය
හැකි බැවිනි. එ මෙන්ම අධික ලෙස රත් වීම තුළින් අභ්‍යන්තර උපාංගවලට හානි සිදු විය
හැක.
මෙ ලෙස පරිශීලකයාගේ අවශ්‍යතාව පරිදි පරිගණකයක් මිල දී
ගත් පසු එයට අවශ්‍ය පරිදි මෘදුකාංග යොදාගෙන කටයුතු සිදු කර ගත හැකි අතර මේ කොයි
මාදිලියේ පරිගණකයක වුවද වගකීම් කාලය ඉකුත් වන තෙක් වත් අනවශ්‍ය පරිදි කොටස්
ගැලවීමට යාම මඟින් වගකීම අහෝසි වී යාම සිදු විය හැකි බව මතක තබා ගත යුතුය. එ
මෙන්ම යොදා ගන්නා මෘදුකාංග ද නවතම සංස්කරණයන් වූ තරමටම වැඩ කටයුතු කරගෙන යාමේ දී
අපහසුවක් ඇති නොවේ. මෙලෙස අප පරිගණකය පිළිබඳව වන මූලික මට්ටමේ දැනුම පිළිබඳව ලිපි
පෙළ මෙතෙකින් අවසන් කරන අතර මී ළඟට අප දිවියේ සමීපතම මිතුරා වන ජංගම දුරකථය
පිළිබඳව ලිපි මාලාවක් සමඟින් හමුවෙමු.
Nov 19, 2017
පරිගණකයේ ඉතිහාසය සැකෙවින්... (දෙවන කොටස)
පසුගිය ලිපියේ දෙ වන කොටස...
මෙම තාක්ෂණය අනුව යමින් IBM ආයතනය විසින් නිර්මාණය කරන්නට යෙදුණු පරිගණකය
වූයේ IBM 709 පරිගණකයයි. තත්පරයට එකතු කිරීම් හෝ අඩු කිරීම් 42000කුත් හෝ
වැඩි කිරීම් හෝ බෙදීම් 5000කුත් කිරීමට හැකියාව ලැබුණි.
Intel 4004 Intel 8008 Intel 8080 Intel 8088
පරිගණකය පැමිණි ගමන් මඟ පිළිබඳව ලිපි
පෙළ මෙතෙකින් නිමා වන අතර අපට පරිගණකය තුළ කටයුතු සඳහා උපකාරී වන පරිසරය
සකස් කර දෙන මෙහෙයුම් පද්ධතියේ ඉතිහාසය පිළිබඳව ලිපි පෙළකින් නැවතත් හමු
වෙමු...
චාල්ස් බැබේජ් විසින් නිපදවන ලද යාන්ත්‍රික ගණනය කිරීමේ යන්ත්‍රයට පසු ඔහු
විසින්ම තවත් ගණනය කිරීමේ යන්ත්‍රයක් සෑදීම සඳහා කටයුතු සූදානම් කරන්නට
යෙදුණි. එය විශ්ලේෂක යන්ත්‍රය (Analytical Engine) ලෙස හැඳින්වූ අතර
එහෙත් එම යන්ත්‍රය සෑදීම අතරමඟ නවතා දමන්නට සිදු විය. එසේ වන්නට ඇත්තේ
මූල්‍යමය ගැටළු හේතුවෙන් බවට පොත් පත් වාර්තා කරන අතර අද සිටින පරිගණක
විශ්ලේෂකයන් පවසන්නේ එසේ වීම ලෝකයට සිදු වූ යහපතක් බවයි. ඔහු විසින් ඉහත කී
විශ්ලේෂක යන්ත්‍රය නිර්මාණය කරන්නට යෙදුණි නම් එහි ප්‍රමාණය ටෙනිස් පිටි
හතරක් පමණ වත් වනු ඇති බවටත්, එහි චලනය වන කොටස්වල සිදු වන රත්වීම නිවා
දැමීමට නයිල් ගංඟාවටවත් නොහැකි වනු ඇති බවටත් ඔවුන් පවසා සිටී.
පළමු පරම්පරාවේ පරිගණක (රික්ත කපාට නොහොත් වෑල්ව් සහිත පරිගණක)
රික්ත කපාට යොදා ගෙන පරිගණක නිර්මාණය පළමු පරම්පරාවේ පරිගණකවල ආරම්භය විය.
මෙහි දී පරිගණකයේ මතකය සඳහා (Memory) Magnetic Drums යොදා ගැණුන අතර රත්
වීම අධික වීම හා විශාල වශයෙන් ශක්තිය අපතේ යාම සිදු විය. එ මෙන්ම සුවිසල්
වපසරියක පැතිර තිබූ මෙම පරිගණක රත් වීම අතින්ද ඉදිරියෙන් ම සිටියේය. මෙම
ගමනේ වැදගත්ම සංධිස්ථානය වූයේ University of Pennsylvania හිදී නිපදවූ
ENIAC පරිගණකයයි.
ENIAC පරිගණකය
දෙ වන පරම්පරාවේ පරිගණක( ට්‍රාන්සිස්ටර් යුගය)
ට්‍රාන්සිස්ටරය නම් වූ නිමැවුම 1948 වර්ෂයේ දී විලියම් ෂොක්ලි, ජෝන් බාර්ඩීන්, වෝල්ටර් බ්‍රිටෙයින් විසින් ඉදිරිපත් කරනු ලදුව ප්‍රමාණයෙන් පළමු පරම්පරාවේ පරිගණකවලට වඩා කාර්යක්ෂමතාවය වැඩි හා අඩු ඉඩකඩක ගබඩා කළ හැකි පරිගණක ලොවට බිහි වන්නට යෙදුණි. මේ සඳහා හොඳම උදාහරණය වනුයේ IBM 7090 පරිගණකයයි.
IBM 7090 පරිගණකය
මෙම පරිගණකවල රත් වීම හා ශක්තිය අපතේ යාම පළමු පරම්පරාවේ පරිගණකවලට වඩා අඩු විය.
තෙවන පරම්පරාවේ පරිගණක ( සංගෘහිත පරිපථ නොහොත් IC යුගය)
ට්‍රාන්සිස්ටර් පරිගණකවලින් ඇරඹි පරිගණකයේ ඉලෙක්ට්‍රොනික යුගය IC හෙවත්
සංගෘහත පරිපථ දක්වා දියුණු විය. IC එකක් යනු ට්‍රාන්සිස්ටර් ගණනාවක් තනි
ඒකකයක් ලෙස ඇතුළත් කරමින් සෑදූ ප්‍රමාණයෙන් කුඩා පරිපථයකි. මේ මඟ ඔස්සේ
යමින් බිහි වූ IBM 360/91 පරිගණකය වඩාත් කාර්යක්ෂම වූ හා ප්‍රමාණයෙන් කුඩා
පරිගණකයක් විය.
මෙ තෙක් භාවිත වූ Punched Card හා Print Out වෙනුවට Key Board හා Monitor භාවිතය මෙම පරිගණක යුගයේ දී ඇරඹින.
IBM 360/91 පරිගණකය
සිව්වන පරම්පරාව ( Micro Processor යුගය)
මෙය පරිගණක ඉතිහාසයේ අද්විතීය යුගයක ඇරඹුම විය. Intel 4004 නම් වූ ප්‍රථම Micro Processor එකෙන් ඇරඹුණු මෙම යුගය Intel 8008, Intel 8080, Intel 8088 යන Micro Processor දක්වා දියුණු විය.
ඒ අතර 1975 දී හා 1976 දී බිහි වූ 6502 හා Z80 යන Micro
Processor දෙක අද අප දකින පරිගණක සඳහා පදනම් වූ Micro Computers හා Home
Computers විශාල ප්‍රමාණයක් නිපදවීමට දායකත්වය ලබා දුනි.
6502 Z80
Intel 8080, Intel 8088 , 6502 යන Micro
Processor මඟින් Micro Computers තැනෙද්දී Z80 Micro
Processor එක Home
Computers නිපදවීමට තම දායකත්වය ලබා දෙන ලදී. ඒ අනුව යමින් 1975දී MITS සමාගම විසින් Altair 8800 Home
Computer එක ලොවට හඳුන්වා දෙන ලදී.
Micro Computers
Apple
දැන් අප දකින ආකෘතියට සමාන වර්ණ විභේදන හැකියාව ඇති ලොව පළමු Micro Computer එක මෙම යුගයේ දී Apple පරිගණක සමාගම නිර්මාණය කරන්නට යෙදුණි. Apple II, IIe, IIc, II+ ආදී Micro Computer විශාල ප්‍රමාණයක් Apple පරිගණක සමාගම විසින් වෙළඳපොළට හඳුන්වා දුන් අතර මේවා ඉතා ඉක්මණින් ලොව පුරා ප්‍රචලිත විය.
Apple II
Radio Shack
මේ යුගයේ ජනප්‍රිය වූ තවත් Micro
Computer නිපදවීමේ සමාගමක් වූ Radio Shack ආයතනය හඳුන්වා දුන් TRS 80 නම්
පරිගණක මාදිලිය බොහෝ පරිගණක අධ්‍යාපන ආයතනවල එම යුගයේ දී භාවිතයට ගැනුණි.
Radio Shack TRS 80
Home Computers
Commodore
Apple සමාගමෙන් ඇරඹි Micro
Computer රැල්ල තව දුරටත් ප්‍රචලිත වෙද්දී Commodore සමාගම ද Commodore
VIC, Commodore Pet, Commodore 64 යන පරිගණක මාදිලි හඳුන්වා දුන් අතර
මේවායේ තිබුණේ Home
Computer ලක්ෂණයි.
Commodore 64
Sinclair
Sinclair ZX81 හා Sinclair Spectrum යන මාදිලි ද මේ කාලය වන විට Home Computers වෙළඳ පොළ තුළ ඉදිරියෙන්ම සිටි මාදිලි වූ අතර මෙම සෑම Home Computers මාදිලයකම විශේෂත්වය වූයේ තිරය සඳහා නිවසේ භාවිත කළ රූපවාහිනියත් දත්ත ගබඩා කිරීම සඳහා නිවසේ වූ Cassette යන්ත්‍රයත් භාවිත කළ හැකි වීමයි.
Sinclair Spectrum
කෙසේ හෝ පසු කාලීනව මෙම Home Computers රැල්ල ක්‍රමයෙන් අභාවයට පත් වූ අතර Micro Computer රැල්ල ද ක්‍රමයෙන් Apple වෙතින් IBM සමාගම වෙත ගමන් කළේය. මෙසේ Micro Computer යන නාමය සඳහා IBM සමාගම ප්‍රචලිත වීමත් සමඟම Micro Computer රැල්ල වෙනත්ම වූ මානයකට යොමු කරමින් අද අප දකින Personal Computer ලෙස නාමය වෙනස් කිරීමට පුරෝගාමී වූයේ IBM සමාගම ලොවට හඳුන්වා දුන් IBM XT, IBM AT, IBM
PC යන පරිගණක වේ. මෙසේ IBM සමාගම අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ බැවින්
සිංගප්පූරුවේ හා කොරියාවේ දී IBM Compatibles නමින් පරිගණක නිපදවීම ඇරඹූ
අතර බොහෝ පරිගණක අධ්‍යාපන ආයතනවලද තමන් පන්ති පවත්වන්නේ IBM පරිගණකවලින් යයි සඳහන් කිරීමට තරම් මේ රැල්ල දුර දිග ගියේය.
වෙළඳ නාමයන් හි අවසානය හා නූතන පරිගණක තෙක් පරිණාමනය
Apple , IBM
නමින් පරිගණක සමාගම් නාමයෙන් පරිගණක මිලදී ගැනීමට පෙළැඹුණු අය කල් ගත වත්ම
Processor එනම්, මධ්‍ය සැකසුම් ඒකකයේ නමින් පරිගණක මිලදී ගැනීමට හේතු වූයේ
Intel 80286 යන මධ්‍ය සැකසුම් ඒකක භාවිත වූ පරිගණක Computer 286 නමින් ද Intel 80386 මධ්‍ය සැකසුම් ඒකක භාවිත වූ පරිගණක Computer 386 නමින් ද Intel 80486,මධ්‍ය
සැකසුම් ඒකක භාවිත වූ පරිගණක Computer 486 නමින් ද වෙළඳපොළට පැමිණීම නිසා
ය. මේ යුගය Pentium හා Dual Core යුගය දක්වා දියුණු වී දැන් අප දකින Core
i3, Core i5, Core i7 යුගය දක්වා ගමන් කර ඇත.
මෙසේ
අද අප දකින අපගේ නිවසේ ඇති පරිගණකය දක්වා පරිගණක පැමිණි මඟ දියුණුවට හේතු
වූයේ සංගෘහිත පරිපථ එ නම් IC වල දියුණුව වන අතර මුලින්ම IC
ලෙස හැඳින්වූයේ ට්‍රාන්සිස්ටර් කිහිපයක් එකතුවීම මඟින් සෑදුණු පරිපථයකටයි.
මේවා Small Scale Integration (SSI) ලෙස හැඳින්වූ අතර පසුව මේවා Medium
Scale Integration (MSI) හා Large Scale Integration (LSI) හරහා Very Large
Scale Integration (VLSI) දක්වා දියුණු විය. 1980 දශකයේ දී ට්‍රාන්සිස්ටර්
දහස් ගණනක එකතුවකින් ඇරඹුණු VLSI දියුණුව අද වන විට ට්‍රාන්සිස්ටර් මිලියන
ගණනක් තනි පරිපථයකට ගැනීම දක්වා දියුණු වී ඇත. මෙසේ
පරිණාමය වූ පරිගණකය අද අප නිවසේ දකින පරිගණකයේ සිට සුපිරි පරිගණකය දක්වා
දියුණු තියුණු වී හෙට දින වන විට මිනිස් මොළය ද පරයා යා නොවී යයි කිව නො
හැක්කේ කා හටද?...
Subscribe to:
Posts (Atom)
පරිගණක වයිරස හඳුනාගනිමු
පරිගණක වයිරසයක් යනු කුමක්ද ? පරිගණක වයිරසයක් යනු, එක් පරිගණකයක සිට තවත් පරිගණකයකට පැතිර යා හැකි, පරිගණකයේ ක්‍රියාකාරිත්වයට බලපෑම් කළ හ...
-
Computer එක කියන්නේ විදුලියෙන් ක්‍රියා කරන යන්ත්‍රයක් ( Machine එකක්) දත්ත ( Data) තොරතුරු ( Information) බවට පත් කරන එක තමයි Comp...
-
Keyboard (යතුරු පුවරුව) පරිගණකය සමග සම්බන්ධකම් පවත්වන ප්‍රධානම යොමු උපකරණය Keyboard එකය. Keyboard එක මගින් Mouse එකක් රහිතව ක්‍රියා කළ...
-
පරිගණකය, නැත්නම් Computer එක හැදිල තියෙන්නේ විද්‍යුත් හා යාන්ත්‍රික කොටස් උපයෝගී කරගෙනයි. නමුත් පරිගණකය තනිව ගත් කල එයට කිසිදු බුද්ධිමත් ...