චාල්ස් බැබේජ් විසින් නිපදවන ලද යාන්ත්‍රික ගණනය කිරීමේ යන්ත්‍රයට පසු ඔහු
විසින්ම තවත් ගණනය කිරීමේ යන්ත්‍රයක් සෑදීම සඳහා කටයුතු සූදානම් කරන්නට
යෙදුණි. එය විශ්ලේෂක යන්ත්‍රය (Analytical Engine) ලෙස හැඳින්වූ අතර
එහෙත් එම යන්ත්‍රය සෑදීම අතරමඟ නවතා දමන්නට සිදු විය. එසේ වන්නට ඇත්තේ
මූල්‍යමය ගැටළු හේතුවෙන් බවට පොත් පත් වාර්තා කරන අතර අද සිටින පරිගණක
විශ්ලේෂකයන් පවසන්නේ එසේ වීම ලෝකයට සිදු වූ යහපතක් බවයි. ඔහු විසින් ඉහත කී
විශ්ලේෂක යන්ත්‍රය නිර්මාණය කරන්නට යෙදුණි නම් එහි ප්‍රමාණය ටෙනිස් පිටි
හතරක් පමණ වත් වනු ඇති බවටත්, එහි චලනය වන කොටස්වල සිදු වන රත්වීම නිවා
දැමීමට නයිල් ගංඟාවටවත් නොහැකි වනු ඇති බවටත් ඔවුන් පවසා සිටී.
පළමු පරම්පරාවේ පරිගණක (රික්ත කපාට නොහොත් වෑල්ව් සහිත පරිගණක)
රික්ත කපාට යොදා ගෙන පරිගණක නිර්මාණය පළමු පරම්පරාවේ පරිගණකවල ආරම්භය විය.
මෙහි දී පරිගණකයේ මතකය සඳහා (Memory) Magnetic Drums යොදා ගැණුන අතර රත්
වීම අධික වීම හා විශාල වශයෙන් ශක්තිය අපතේ යාම සිදු විය. එ මෙන්ම සුවිසල්
වපසරියක පැතිර තිබූ මෙම පරිගණක රත් වීම අතින්ද ඉදිරියෙන් ම සිටියේය. මෙම
ගමනේ වැදගත්ම සංධිස්ථානය වූයේ University of Pennsylvania හිදී නිපදවූ
ENIAC පරිගණකයයි.
ENIAC පරිගණකය
දෙ වන පරම්පරාවේ පරිගණක( ට්‍රාන්සිස්ටර් යුගය)
ට්‍රාන්සිස්ටරය නම් වූ නිමැවුම 1948 වර්ෂයේ දී විලියම් ෂොක්ලි, ජෝන් බාර්ඩීන්, වෝල්ටර් බ්‍රිටෙයින් විසින් ඉදිරිපත් කරනු ලදුව ප්‍රමාණයෙන් පළමු පරම්පරාවේ පරිගණකවලට වඩා කාර්යක්ෂමතාවය වැඩි හා අඩු ඉඩකඩක ගබඩා කළ හැකි පරිගණක ලොවට බිහි වන්නට යෙදුණි. මේ සඳහා හොඳම උදාහරණය වනුයේ IBM 7090 පරිගණකයයි.
IBM 7090 පරිගණකය
මෙම පරිගණකවල රත් වීම හා ශක්තිය අපතේ යාම පළමු පරම්පරාවේ පරිගණකවලට වඩා අඩු විය.
තෙවන පරම්පරාවේ පරිගණක ( සංගෘහිත පරිපථ නොහොත් IC යුගය)
ට්‍රාන්සිස්ටර් පරිගණකවලින් ඇරඹි පරිගණකයේ ඉලෙක්ට්‍රොනික යුගය IC හෙවත්
සංගෘහත පරිපථ දක්වා දියුණු විය. IC එකක් යනු ට්‍රාන්සිස්ටර් ගණනාවක් තනි
ඒකකයක් ලෙස ඇතුළත් කරමින් සෑදූ ප්‍රමාණයෙන් කුඩා පරිපථයකි. මේ මඟ ඔස්සේ
යමින් බිහි වූ IBM 360/91 පරිගණකය වඩාත් කාර්යක්ෂම වූ හා ප්‍රමාණයෙන් කුඩා
පරිගණකයක් විය.
මෙ තෙක් භාවිත වූ Punched Card හා Print Out වෙනුවට Key Board හා Monitor භාවිතය මෙම පරිගණක යුගයේ දී ඇරඹින.
IBM 360/91 පරිගණකය
සිව්වන පරම්පරාව ( Micro Processor යුගය)
මෙය පරිගණක ඉතිහාසයේ අද්විතීය යුගයක ඇරඹුම විය. Intel 4004 නම් වූ ප්‍රථම Micro Processor එකෙන් ඇරඹුණු මෙම යුගය Intel 8008, Intel 8080, Intel 8088 යන Micro Processor දක්වා දියුණු විය.
ඒ අතර 1975 දී හා 1976 දී බිහි වූ 6502 හා Z80 යන Micro
Processor දෙක අද අප දකින පරිගණක සඳහා පදනම් වූ Micro Computers හා Home
Computers විශාල ප්‍රමාණයක් නිපදවීමට දායකත්වය ලබා දුනි.
6502 Z80
Intel 8080, Intel 8088 , 6502 යන Micro
Processor මඟින් Micro Computers තැනෙද්දී Z80 Micro
Processor එක Home
Computers නිපදවීමට තම දායකත්වය ලබා දෙන ලදී. ඒ අනුව යමින් 1975දී MITS සමාගම විසින් Altair 8800 Home
Computer එක ලොවට හඳුන්වා දෙන ලදී.
Micro Computers
Apple
Apple II
Radio Shack
Radio Shack TRS 80
Home Computers
Commodore
Commodore 64
Sinclair
Sinclair Spectrum
කෙසේ හෝ පසු කාලීනව මෙම Home Computers රැල්ල ක්‍රමයෙන් අභාවයට පත් වූ අතර Micro Computer රැල්ල ද ක්‍රමයෙන් Apple වෙතින් IBM සමාගම වෙත ගමන් කළේය. මෙසේ Micro Computer යන නාමය සඳහා IBM සමාගම ප්‍රචලිත වීමත් සමඟම Micro Computer රැල්ල වෙනත්ම වූ මානයකට යොමු කරමින් අද අප දකින Personal Computer ලෙස නාමය වෙනස් කිරීමට පුරෝගාමී වූයේ IBM සමාගම ලොවට හඳුන්වා දුන් IBM XT, IBM AT, IBM
PC යන පරිගණක වේ. මෙසේ IBM සමාගම අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ බැවින්
සිංගප්පූරුවේ හා කොරියාවේ දී IBM Compatibles නමින් පරිගණක නිපදවීම ඇරඹූ
අතර බොහෝ පරිගණක අධ්‍යාපන ආයතනවලද තමන් පන්ති පවත්වන්නේ IBM පරිගණකවලින් යයි සඳහන් කිරීමට තරම් මේ රැල්ල දුර දිග ගියේය.
වෙළඳ නාමයන් හි අවසානය හා නූතන පරිගණක තෙක් පරිණාමනය
Apple , IBM
නමින් පරිගණක සමාගම් නාමයෙන් පරිගණක මිලදී ගැනීමට පෙළැඹුණු අය කල් ගත වත්ම
Processor එනම්, මධ්‍ය සැකසුම් ඒකකයේ නමින් පරිගණක මිලදී ගැනීමට හේතු වූයේ
Intel 80286 යන මධ්‍ය සැකසුම් ඒකක භාවිත වූ පරිගණක Computer 286 නමින් ද Intel 80386 මධ්‍ය සැකසුම් ඒකක භාවිත වූ පරිගණක Computer 386 නමින් ද Intel 80486,මධ්‍ය
සැකසුම් ඒකක භාවිත වූ පරිගණක Computer 486 නමින් ද වෙළඳපොළට පැමිණීම නිසා
ය. මේ යුගය Pentium හා Dual Core යුගය දක්වා දියුණු වී දැන් අප දකින Core
i3, Core i5, Core i7 යුගය දක්වා ගමන් කර ඇත.
මෙසේ
අද අප දකින අපගේ නිවසේ ඇති පරිගණකය දක්වා පරිගණක පැමිණි මඟ දියුණුවට හේතු
වූයේ සංගෘහිත පරිපථ එ නම් IC වල දියුණුව වන අතර මුලින්ම IC
ලෙස හැඳින්වූයේ ට්‍රාන්සිස්ටර් කිහිපයක් එකතුවීම මඟින් සෑදුණු පරිපථයකටයි.
මේවා Small Scale Integration (SSI) ලෙස හැඳින්වූ අතර පසුව මේවා Medium
Scale Integration (MSI) හා Large Scale Integration (LSI) හරහා Very Large
Scale Integration (VLSI) දක්වා දියුණු විය. 1980 දශකයේ දී ට්‍රාන්සිස්ටර්
දහස් ගණනක එකතුවකින් ඇරඹුණු VLSI දියුණුව අද වන විට ට්‍රාන්සිස්ටර් මිලියන
ගණනක් තනි පරිපථයකට ගැනීම දක්වා දියුණු වී ඇත. මෙසේ
පරිණාමය වූ පරිගණකය අද අප නිවසේ දකින පරිගණකයේ සිට සුපිරි පරිගණකය දක්වා
දියුණු තියුණු වී හෙට දින වන විට මිනිස් මොළය ද පරයා යා නොවී යයි කිව නො
හැක්කේ කා හටද?...