Nov 28, 2017

මිල දී ගන්නා පරිගණක මෙහෙයුම් පද්ධති සඳහා විකල්පයක් ලෙස ලබා ගත හැකි නොමිලේ ලබා දෙන පරිගණක මෙහෙයුම් පද්ධති.

අද වන විට බොහෝ සෙයින් මෘදුකාංග වෙළඳපළ තුළ පවතින්නේ තීරණාත්මක වූ තරඟයකි. මෑතක දී නිකුත් වූ නවතම වින්ඩෝස් සංස්කරණය තරමක් අසාර්ථකත්වයක් පෙන්නුම් කළ නිසා දෝ මයික්‍රොසොෆ්ට් සමාගම විසින් එම මෙහෙයුම් පද්ධතිය සඳහා යාවත්කාලීන වූ සංස්කරණයක් නිකුත් කිරීමට වග බලා ගත්තේය. නිදහස් මෘදුකාංග ලොව තුළ මේ ආකාරයේ අසාර්ථක වීම් වාර්තා වීම අඩු වන්නේ එම මෘදුකාංග ලොව වටා බොහෝ සංවර්ධකයන් අතින් තම තමන්ගේ රටාවට අනුව සකස් කරගන්නා බැවිනි. එසේ වූ විට දෝශ සහිත වූ මෘදුකාංග ඇත්නම් ඒවා නිරවද්‍ය කරගනිමින්  සකස් කර හොඳම සංස්කරණය දායාද කරනු ලබයි. එ විට ඇති වන දෝෂයන් අවම වන අතර ඉතා ඉක්මණින් යාවත්කාලීනයන් නිකුත් කරමින් කාලයට ඔබින පරිදි සකස් වේ. එසේ සකස් වන නිදහස් මෘදුකාංග ලොව තුළ පරිගණක මෙහෙයුම් පද්ධති රාශිය අතුරින් කිහිපයක් පිළිබඳව අප විමසීමක් මේ ලිපියෙන් සිදු කරමු. 

Ubuntu - Linux For Human Beings "ලෝකයාට දිගුවූ මනුෂ්‍යත්වයේ දෑත්" 

 නිදහස් පරිගණක මෙහෙයුම් පද්ධති අතර හිණිපෙත්තේම වැජඹෙන මෙය වටා අද වන විට ලොව විශාල පරිශීලකයින් පිරිසක් රොද බැඳ සිටින අතර දිනෙන් දිනම එම සංඛ්‍යාව ඉහළ යමින් පවතී. කැනොනිකල් නම් ලාභ නො ලබන සමාගමකට අයත් මෙම පරිගණක මෙහෙයුම් පද්ධතිය සම්පූර්ණයෙන්ම පාහේ නොමිලේ භාවිතයට සකසා ඇත.
Ubuntu 13.04

2. Linux Mint


Mint 13 Maya. Gnome 3 වර්ගයේ අතුරුමුහුණතක් හිමිය. පලපුරුදු ලිනක්ස් පරිශීලකයින් විසින් මෙය බොහෝ විට භාවිතා කරයි. ඒත් එහි ඇති සරල බව අන් සැමටත් මෙය භාවිතය පහසු කරයි. browser plugins, media codecs, DVD playback සහය, Java and other components යනාදී අංග යොදා තිබීම මෙය ජනප්‍රිය වීමට මුලික හේතු වී ඇත.
 
වාසි:
# මෙයට ආවේණික වූ tools රාශියක් තිබීම.
# පරිශීලක මිතුරු බව වැඩිකර තිබීම.
# ඕනෑම වර්ගයක මීඩියා ෆයිල්ස් ධාවනය කල හැකි වීම.
 
අවාසි:
# මෙහි වෙළඳ සංස්කරණයක් පවතින අතර එයට ලබාදෙන සමහර ගුණාංග නිදහස් සංස්කරණයේ අඩංගු නොවීම.
# සමහර ආරක්ෂක අඩුපාඩුකම් පැවතීම. නමුත් අන් ඩිස්ට්‍රෝ හා සැසඳීමේදී කරගත හැකි කාර්යන් බොහෝය.
Linux Mint 13 Maya
 

3. Fedora


2003 පටන් මෙය ඉදිරිපත් කරයි. රෙඩ්-හැට් වල නිදහස් සංස්කරණය වුවත් ඒ එක එකට අනන්‍ය වූ ගුණාංග පවතී. මාස හයකට වරක් මෙහි සංස්කරණ එළි දක්වයි. අලුතින් ලිනක්ස් භාවිත කරන්නන්ට ද පහසු ආකාරයට සකසා ඇත.
වාසි:
# සුපිරි ආරක්ෂක ගුණාංග
# Packages බොහොමයකට සහය දැක්වීම
# සම්පූර්ණයෙන්ම නව නිර්මාණයකි. උපුටා ගැනීමක් නොමැත.
අවාසි:
# KDE 4 සහ GNOME 3 සඳහා downgrade කළ නොහැක.

Fedora

4. Debian

තනි පරිශීලකයන්ට හඳුන්වා දුන් ඩිස්ට්‍රෝ එකකි. මෙය ලිනක්ස් කර්නලය මත පදනම් වී ඇත. 20,000 කට වඩා කලින් සකස් කරපු කෙලින්ම ස්ථාපනය කලහැකි වැඩසටහන් නොමිලේ ලබාගත හැකිවේ. ප්‍රාථමික වැඩසටහන් මෙහි අන්තර්ගත කර ඇත (media player, web browser වැනි.. ). අලංකාර අතුරුමුහුණතක් ඇත.

වාසි:
# Quality Control කිරීම අති විශිෂ්ඨය.
# Processor Architecture ගණනාවකට සහය දක්වයි(අන් ඩිස්ට්‍රෝ වලට සාපේක්ෂව).
අවාසි:
# සංස්කරණ ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය මන්දගාමිය.
# ඒ හේතුව නිසා අලුත්ම තාක්ෂණික අංග එක් කිරීමට නොහැකි වේ.


Debian

5. Open SUSE

ඉතා අලංකාරවත් අතුරු මුහුණතකින් යුක්ත මෙම මෙහෙයුම් පද්ධතිය නවෙල්(Novell) සමාගම ඉදිරිපත් කරයි. බොහෝ දෘඩාංග නිෂ්පාදකයෝ මීට සහය දක්වයි. එ බැවින් කාර්යයන් කිරීම ඉතා පහසුය.
වාසි:
# විස්තර සහිත වටිනා මෘදුකාංග ‍රැසක් අඩංගු වේ.
# මාර්ගගත ව වැඩි පහසුකම් සපයයි.
අවාසි:
  
# වැඩි අලංකාරත්වයට වැඩි පරිගණක ශක්‍යාතාවක් අවශ්‍ය වීම අවාසියකි.   
 Open SUSE
මීට අමතරව අපගේ රට තුළ ද  අපට ගැලපෙන ආකාරයට විවිධාකාර වූ ලිනක්ස් පාදක නොමිලේ ලබා දෙන මෙහෙයුම් පද්ධති කිහිපයක් හඳුන්වා දී ඇත.

1. හන්තාන ලිනක්ස් 

මෙහි මෙනු ආදී විශේෂාංග සියල්ලම සිංහලෙන් ඇති අතර මෘදුකාංග රාශියක් අඩංගුව ඇති නිසා පරිගණකයේ ස්ථාපනය කළ වෙලාවේ සිට වැඩ කටයුතු කරගෙන යාමට හැකිය. එ මෙන්ම පරිගණක සඳහා මෘදුකාංග ලියන්නන් වෙත වැඩි අවධානයක් යොමු කරමින් ඒ සඳහා අවශ්‍ය මෘදුකාංග සියල්ලක්ම පාහේ මෙහි අන්තරගත කර තිබීම විශේෂිතය.


                                                                  
හන්තාන ලිනක්ස්

2.  ලංකානෙට් ලිනක්ස්

කළින් කතා කළ හන්තාන ලිනක්ස් මෙන්ම ඉතා ප්‍රයෝජනවත් මෘදුකාංග රාශියකින්ම අඩංගු වන මෙය උබුන්ටු හි සිංහල සංස්කරණයක් මෙන් භාවිත කළ හැකි මනරම් මෙහෙයුම් පද්ධතියකි.


ලංකානෙට් ලිනක්ස්
මෙසේ භාවිත වන පරිගණක මෙහෙයුම් පද්ධති සමස්තයක් වශයෙන් ගත් කල ලොව වටා පරිශිලකයින් විශාල පිරිසක් භාවිත කරන අතර අනාගතය වන විට ලොව පුරා තවත් විශාල පිරිසක් නිදහස් මෙහෙයුම් පද්ධති කරා ඇදී ඒමේ සම්භාවිතාවයක් පවතී. මෙසේ පරිගණක මෙහෙයුම් පද්ධති පිළිබඳව ලිපි පෙළ අවසන් වන අතර පරිගණකයක් මිල දී ගැනීමට පෙර අප විසින් සැලකිලිමත් විය යුතු කරුණු ඇතුළත් ලිපිය සමඟින් මී ළඟට හමු වෙමු.

පරිගණක වයිරස හඳුනාගනිමු

පරිගණක වයිරසයක් යනු කුමක්ද ?   පරිගණක වයිරසයක් යනු, එක් පරිගණකයක සිට තවත් පරිගණකයකට පැතිර යා හැකි, පරිගණකයේ ක්‍රියාකාරිත්වයට බලපෑම් කළ හ...