Nov 28, 2017

මිල දී ගන්නා පරිගණක මෙහෙයුම් පද්ධති සඳහා විකල්පයක් ලෙස ලබා ගත හැකි නොමිලේ ලබා දෙන පරිගණක මෙහෙයුම් පද්ධති.

අද වන විට බොහෝ සෙයින් මෘදුකාංග වෙළඳපළ තුළ පවතින්නේ තීරණාත්මක වූ තරඟයකි. මෑතක දී නිකුත් වූ නවතම වින්ඩෝස් සංස්කරණය තරමක් අසාර්ථකත්වයක් පෙන්නුම් කළ නිසා දෝ මයික්‍රොසොෆ්ට් සමාගම විසින් එම මෙහෙයුම් පද්ධතිය සඳහා යාවත්කාලීන වූ සංස්කරණයක් නිකුත් කිරීමට වග බලා ගත්තේය. නිදහස් මෘදුකාංග ලොව තුළ මේ ආකාරයේ අසාර්ථක වීම් වාර්තා වීම අඩු වන්නේ එම මෘදුකාංග ලොව වටා බොහෝ සංවර්ධකයන් අතින් තම තමන්ගේ රටාවට අනුව සකස් කරගන්නා බැවිනි. එසේ වූ විට දෝශ සහිත වූ මෘදුකාංග ඇත්නම් ඒවා නිරවද්‍ය කරගනිමින්  සකස් කර හොඳම සංස්කරණය දායාද කරනු ලබයි. එ විට ඇති වන දෝෂයන් අවම වන අතර ඉතා ඉක්මණින් යාවත්කාලීනයන් නිකුත් කරමින් කාලයට ඔබින පරිදි සකස් වේ. එසේ සකස් වන නිදහස් මෘදුකාංග ලොව තුළ පරිගණක මෙහෙයුම් පද්ධති රාශිය අතුරින් කිහිපයක් පිළිබඳව අප විමසීමක් මේ ලිපියෙන් සිදු කරමු. 

Ubuntu - Linux For Human Beings "ලෝකයාට දිගුවූ මනුෂ්‍යත්වයේ දෑත්" 

 නිදහස් පරිගණක මෙහෙයුම් පද්ධති අතර හිණිපෙත්තේම වැජඹෙන මෙය වටා අද වන විට ලොව විශාල පරිශීලකයින් පිරිසක් රොද බැඳ සිටින අතර දිනෙන් දිනම එම සංඛ්‍යාව ඉහළ යමින් පවතී. කැනොනිකල් නම් ලාභ නො ලබන සමාගමකට අයත් මෙම පරිගණක මෙහෙයුම් පද්ධතිය සම්පූර්ණයෙන්ම පාහේ නොමිලේ භාවිතයට සකසා ඇත.
Ubuntu 13.04

2. Linux Mint


Mint 13 Maya. Gnome 3 වර්ගයේ අතුරුමුහුණතක් හිමිය. පලපුරුදු ලිනක්ස් පරිශීලකයින් විසින් මෙය බොහෝ විට භාවිතා කරයි. ඒත් එහි ඇති සරල බව අන් සැමටත් මෙය භාවිතය පහසු කරයි. browser plugins, media codecs, DVD playback සහය, Java and other components යනාදී අංග යොදා තිබීම මෙය ජනප්‍රිය වීමට මුලික හේතු වී ඇත.
 
වාසි:
# මෙයට ආවේණික වූ tools රාශියක් තිබීම.
# පරිශීලක මිතුරු බව වැඩිකර තිබීම.
# ඕනෑම වර්ගයක මීඩියා ෆයිල්ස් ධාවනය කල හැකි වීම.
 
අවාසි:
# මෙහි වෙළඳ සංස්කරණයක් පවතින අතර එයට ලබාදෙන සමහර ගුණාංග නිදහස් සංස්කරණයේ අඩංගු නොවීම.
# සමහර ආරක්ෂක අඩුපාඩුකම් පැවතීම. නමුත් අන් ඩිස්ට්‍රෝ හා සැසඳීමේදී කරගත හැකි කාර්යන් බොහෝය.
Linux Mint 13 Maya
 

3. Fedora


2003 පටන් මෙය ඉදිරිපත් කරයි. රෙඩ්-හැට් වල නිදහස් සංස්කරණය වුවත් ඒ එක එකට අනන්‍ය වූ ගුණාංග පවතී. මාස හයකට වරක් මෙහි සංස්කරණ එළි දක්වයි. අලුතින් ලිනක්ස් භාවිත කරන්නන්ට ද පහසු ආකාරයට සකසා ඇත.
වාසි:
# සුපිරි ආරක්ෂක ගුණාංග
# Packages බොහොමයකට සහය දැක්වීම
# සම්පූර්ණයෙන්ම නව නිර්මාණයකි. උපුටා ගැනීමක් නොමැත.
අවාසි:
# KDE 4 සහ GNOME 3 සඳහා downgrade කළ නොහැක.

Fedora

4. Debian

තනි පරිශීලකයන්ට හඳුන්වා දුන් ඩිස්ට්‍රෝ එකකි. මෙය ලිනක්ස් කර්නලය මත පදනම් වී ඇත. 20,000 කට වඩා කලින් සකස් කරපු කෙලින්ම ස්ථාපනය කලහැකි වැඩසටහන් නොමිලේ ලබාගත හැකිවේ. ප්‍රාථමික වැඩසටහන් මෙහි අන්තර්ගත කර ඇත (media player, web browser වැනි.. ). අලංකාර අතුරුමුහුණතක් ඇත.

වාසි:
# Quality Control කිරීම අති විශිෂ්ඨය.
# Processor Architecture ගණනාවකට සහය දක්වයි(අන් ඩිස්ට්‍රෝ වලට සාපේක්ෂව).
අවාසි:
# සංස්කරණ ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය මන්දගාමිය.
# ඒ හේතුව නිසා අලුත්ම තාක්ෂණික අංග එක් කිරීමට නොහැකි වේ.


Debian

5. Open SUSE

ඉතා අලංකාරවත් අතුරු මුහුණතකින් යුක්ත මෙම මෙහෙයුම් පද්ධතිය නවෙල්(Novell) සමාගම ඉදිරිපත් කරයි. බොහෝ දෘඩාංග නිෂ්පාදකයෝ මීට සහය දක්වයි. එ බැවින් කාර්යයන් කිරීම ඉතා පහසුය.
වාසි:
# විස්තර සහිත වටිනා මෘදුකාංග ‍රැසක් අඩංගු වේ.
# මාර්ගගත ව වැඩි පහසුකම් සපයයි.
අවාසි:
  
# වැඩි අලංකාරත්වයට වැඩි පරිගණක ශක්‍යාතාවක් අවශ්‍ය වීම අවාසියකි.   
 Open SUSE
මීට අමතරව අපගේ රට තුළ ද  අපට ගැලපෙන ආකාරයට විවිධාකාර වූ ලිනක්ස් පාදක නොමිලේ ලබා දෙන මෙහෙයුම් පද්ධති කිහිපයක් හඳුන්වා දී ඇත.

1. හන්තාන ලිනක්ස් 

මෙහි මෙනු ආදී විශේෂාංග සියල්ලම සිංහලෙන් ඇති අතර මෘදුකාංග රාශියක් අඩංගුව ඇති නිසා පරිගණකයේ ස්ථාපනය කළ වෙලාවේ සිට වැඩ කටයුතු කරගෙන යාමට හැකිය. එ මෙන්ම පරිගණක සඳහා මෘදුකාංග ලියන්නන් වෙත වැඩි අවධානයක් යොමු කරමින් ඒ සඳහා අවශ්‍ය මෘදුකාංග සියල්ලක්ම පාහේ මෙහි අන්තරගත කර තිබීම විශේෂිතය.


                                                                  
හන්තාන ලිනක්ස්

2.  ලංකානෙට් ලිනක්ස්

කළින් කතා කළ හන්තාන ලිනක්ස් මෙන්ම ඉතා ප්‍රයෝජනවත් මෘදුකාංග රාශියකින්ම අඩංගු වන මෙය උබුන්ටු හි සිංහල සංස්කරණයක් මෙන් භාවිත කළ හැකි මනරම් මෙහෙයුම් පද්ධතියකි.


ලංකානෙට් ලිනක්ස්
මෙසේ භාවිත වන පරිගණක මෙහෙයුම් පද්ධති සමස්තයක් වශයෙන් ගත් කල ලොව වටා පරිශිලකයින් විශාල පිරිසක් භාවිත කරන අතර අනාගතය වන විට ලොව පුරා තවත් විශාල පිරිසක් නිදහස් මෙහෙයුම් පද්ධති කරා ඇදී ඒමේ සම්භාවිතාවයක් පවතී. මෙසේ පරිගණක මෙහෙයුම් පද්ධති පිළිබඳව ලිපි පෙළ අවසන් වන අතර පරිගණකයක් මිල දී ගැනීමට පෙර අප විසින් සැලකිලිමත් විය යුතු කරුණු ඇතුළත් ලිපිය සමඟින් මී ළඟට හමු වෙමු.

Nov 23, 2017

පරිගණකයක් මිල දී ගැනීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු

පරිගණකයක හැකියාවන් පිළිබඳව මැන බැලිය හැක්කේ එහි අඩංගු මෘදුකාංගයන්හි සංස්කරණයන් සමඟින් එහි අඩංගු මෙහෙයුම් පද්ධතිය ධාවනය වීමේ දී ඇතිවන සුමට ක්‍රියාකාරිත්වය මඟිනි. යම් කිසි පරිගණකයක අළුත්ම වින්ඩෝස් සෙවන් හෝ වින්ඩෝස් එයිට් ධාවනය වීමේ දී යම් කිසි බාධාවන් හෝ මෙහෙයුම් පද්ධතිය සමඟ අඩංගු මෘදුකාංග සුමටව ධාවනය නො වන්නේ නම් එම පරිගණයේ අදාළ මෙහෙයුම් පද්ධතිය හෝ මෘදුකාංග ධාවනය වීමට අදාළ අවශ්‍යතා සපුරා නො මැති හෝ ඊට වඩා යාන්තමින් සපුරා ඇතැයි සිතිය හැකිය. පරිගණකයක් මිලදී ගැනීමට පෙර අප විසින් වඩා සැලකිලිමත් විය යුත්තේ එ බැවිනි. 
බොහෝ දුරට පරිගණක මිල දී ගැනීමේ දී අප විසින් කළින් භාවිත කරන ලද පරිගණකයක් මිල දී ගැනීමට පෙළඹුණ ද එහි ඇති අනිසි විපාකය වැටහෙන්නේ එය මිගදී ගැනීමෙන් ටික කාලයක් ගෙවී ගිය පසුවය. අවශ්‍ය පරිදි උපාංග සොයා ගැනීමට නො හැකි වීම ද, අමතර කොටස් හිඟ වීම ද, මෙයට හොඳම උදාහරණයකි. එ මෙන්ම එකලස් කරන ලද පරිගණක මිලදී ගැනීම ද මෙයට සමාන වූ විපාකයන් අප හට ගෙන දෙන වැරදි තීරණයකි. මන්ද යත් බොහෝ එකලස් කරන කරන ලද පරිගණකවල ඇත්තේ ඒ ඒ සුදුසු පරිගණක දෘඩාංග නො වන අතර බොහෝ දුරට ඒ හා සමීප දෘඩාංග වේ. මිල දී ගෙන කලක් ගත වන විට පරිගණකය ක්‍රියාත්මක නොකළ හැකි තරම් මන්දගාමී වීම (Slow) හා රත් වීම ද, පරිගණකය එක් වරම ක්‍රියා නොකරන පරිදි වීම (Stuck) හා අභ්‍යන්තර දත්ත සකසනය රත් වීම නිසා පරිගණකය වරින් වර නැවත නැවතත් පරිශීලකයාගේ අවසරයකින් තොරව ක්‍රියා කිරිම ( Restart) ආදිය වීම නිසාඑකලස් කරන ලද පරිගණක මිල දී නො ගැනීම නුවණට හුරුය. එවන් පරිගණකයන්හි පරිගණක උපාංග කොටස් යාවත්කාලීන කරගැනීමට නො හැකි බැවින් බොහෝ දුරට පරිගණකය හරි හැටි භාවිත කරගැනීමටත් පෙරම භාවිතයෙන් කල් ඉකුත් වූ උපකරණයක් බවට පත් වීම සිදු වේ. මේ නිසා පිළිගත් වෙළඳ නාමයක් යටතේ එකම නිෂ්පාදකයාගෙන් නිෂ්පාදිත පරිගණකයක් මිල දී ගැනීම නුවණට හුරුය. 
පරිගණකයක් මිලදී ගැනීමට පෙර දී අප විසින් සිතා  බැලිය යුතු කරුණු රාශියකි.
 

  • භාවිත කරන පරිගණක මෙහෙයුම් පද්ධතිය.
  • පරිගණකයෙන් ඉටු කිරීමට බලාපොරොත්තු වන කටයුතු.
  • පරිගණකය භාවිත කරන්නා අනුව අවශ්‍ය වන්නේ ලැප්ටොප් පරිගණකයක්ද නැතහොත් ඩෙස්ක්ටොප් පරිගණකයක්ද යන බව. ප්‍රධාන වේ.

භාවිත වන මෙහෙයුම් පද්ධතිය අනුව පරිගණකයක් තෝරා ගැනීම

දැනට ඇති නවතම පරිගණක මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් එයිට් ධාවනය වීම සඳහා පරිගණකයක තිබිය යුතු මූලික අවශ්‍යතාවයන් ලෙස පහත දැක්වෙන අවශ්‍යතා දැක්වේ.
  • Processor: 1 gigahertz (GHz) or faster with support for PAE, NX, and SSE2 (more info)
  • RAM: 1 gigabyte (GB) (32-bit) or 2 GB (64-bit)
  • Hard disk space: 16 GB (32-bit) or 20 GB (64-bit)
  • Graphics card: Microsoft DirectX 9 graphics device with WDDM driver

Additional requirements to use certain features:

  • To use touch, you need a tablet or a monitor that supports multitouch (more info)
  • To access the Windows Store and to download and run apps, you need an active Internet connection and a screen resolution of at least 1024 x 768
  • To snap apps, you need a screen resolution of at least 1366 x 768
  • Internet access (ISP fees might apply)
  • Secure boot requires firmware that supports UEFI v2.3.1 Errata B and has the Microsoft Windows Certification Authority in the UEFI signature database
  • Some games and programs might require a graphics card compatible with DirectX 10 or higher for optimal performance
  • Microsoft account required for some features
  • Watching DVDs requires separate playback software (more info)
  • Windows Media Center license sold separately (more info)
  • BitLocker To Go requires a USB flash drive (Windows 8 Pro only)
  • BitLocker requires either Trusted Platform Module (TPM) 1.2 or a USB flash drive (Windows 8 Pro only)
  • Client Hyper-V requires a 64-bit system with second level address translation (SLAT) capabilities and additional 2 GB of RAM (Windows 8 Pro only)
  • A TV tuner is required to play and record live TV in Windows Media Center (Windows 8 Pro Pack and Windows 8 Media Center Pack only)
  • Free Internet TV content varies by geography, some content might require additional fees (Windows 8 Pro Pack and Windows 8 Media Center Pack only)

දැනට බහුලවම භාවිත වන නවතම පරිගණක මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් සෙවන් පරිගණක මෙහෙයුම් පද්ධතිය ධාවනය වීමට පරිගණකයක සපුරා ලිය යුතු මූලික අවශ්‍යතාවයන් පහත දැක්වේ.
  • 1 gigahertz (GHz) or faster 32-bit (x86) or 64-bit (x64) processor
  • 1 gigabyte (GB) RAM (32-bit) or 2 GB RAM (64-bit)
  • 16 GB available hard disk space (32-bit) or 20 GB (64-bit)
  • DirectX 9 graphics device with WDDM 1.0 or higher driver
Additional requirements to use certain features:
  • Internet access (fees may apply)
  • Depending on resolution, video playback may require additional memory and advanced graphics hardware
  • Some games and programs might require a graphics card compatible with DirectX 10 or higher for optimal performance
  • For some Windows Media Center functionality a TV tuner and additional hardware may be required
  • Windows Touch and Tablet PCs require specific hardware
  • HomeGroup requires a network and PCs running Windows 7
  • DVD/CD authoring requires a compatible optical drive
  • BitLocker requires Trusted Platform Module (TPM) 1.2
  • BitLocker To Go requires a USB flash drive
  • Windows XP Mode requires an additional 1 GB of RAM and an additional 15 GB of available hard disk space.
  • Music and sound require audio output
Product functionality and graphics may vary based on your system configuration. Some features may require advanced or additional hardware

නමුත් මෙම මූලික අවශ්‍යතා සපුරාලන්නේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය ධාවනය වීමට අවශ්‍ය පරිසරය සකස් කර දීම පමණි. එ බැවින් මෙම අවශ්‍යතා සපුරාලන්නේ නම් මෙහෙයුම් පද්ධතිය ධාවනය කරමින් අපට අවශ්‍ය අනෙකුත් වැඩසටහන් ද ධාවනය කරවිය හැකි යයි අප සිතයි නම් එය සාවද්‍ය අදහසකි. අප බොහෝ විට පරිගණකයක් මිලදී ගැනීමට පෙර සිදු කරන වැරදි කාර්යය ද එයයි. එ මෙන්ම වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතිය ධාවනය කිරීමට සුදුසු පරිගණකයක් තෝරා ගැනීම අනුමත කළ නො හැක්කේ එම සමාගම විසින් ලබන වසර වන විට එක්ස්පී මෙහෙයුම් පද්ධතිය භාවිතයෙන් ඉවත් කරන මෙහෙයුම් පද්ධතියක් බවට නම් කර ඇති බැවිනි. එසේ වන විට එම මෙහෙයුම් පද්ධතිය සඳහා අවශ්‍ය වන පරිගණක මෘදුකාංග ආදිය සොයා ගැනීම දුෂ්කර කාර්යයක් බවට පත් වේ. එ බැවින් බොහෝ දුරට නිර්දේශ කළ හැක්කේ පරිගණකයක් මිල දී ගැනීමේ දී දැනට ඇති නවතම පරිගණක මෙහෙයුම් පද්ධතියට වඩා එක් පියවරක් පිටුපසින් සිටිනි මෙහෙයුම් පද්ධතියක් ධාවනය කළ හැකි පරිගණකයක් තෝරා ගැනීමය. එ විට පරිගණකයේ දෘඩාංග හා මෘදුකාංග සඳහා සහාය දක්වන Drivers හා අනෙකුත් මෘදුකාංග අන්තර්ජාලය හරහා ඉතා පහසුවෙන් සොයා ගැනීමට හැකිය. 

කිරීමට බලාපොරොත්තුවන කාර්යයන් අනුව පරිගණකයක් තෝරා ගැනීම

කිරීමට බලාපොරොත්තු වන්නේ සාමාන්‍ය ලිපි සැකසීමේ කටයුතු ආදිය පමණක් නම් පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය ධාවනය වීමට අවශ්‍ය වන ප්‍රමාණයට වඩා අවම වශයෙන් 1GB රැම් මතකයක් හා පරිගණකයේ අභ්‍යන්තර මතක සකසනය මෙහෙයුම් පද්ධතියට ධාවනය වීමට අවශ්‍ය අවම සුදුකමට වඩා වැඩි වීම නිර්දේශයයි. එහෙත් පරිගණකය මඟින් වීඩියෝ වැඩසටහන් සංස්කරණය හා ඡායාරූප සැකසීම ආදී කාර්යයන් සිදු කෙරෙනවා නම් අවම වශයෙන් පරිගණක මෙහෙයුම් පද්ධතිය ධාවනය වීම සඳහා අවශ්‍ය රැම් මතකයට වඩා 2 GB වත් රැම් මතකය තිබිය යුතුය. එ විට බාධාවකින් තොරව එම කටයුතු සිදු කර ගැනීමට හැකි වේ. එ මෙන්ම මේ සියළු පරිගණක සඳහා DVD ධාවකයකට වඩා සුදුසු වන්නේ  DVD ලිවීමට ද හැකි  DVD රයිටරයකි
බොහෝ දුරට නිෂ්පාදිත පරිගණක මිල දී ගැනීමේ දී ද නිෂ්පාකයාගේ වෙළඳ නාමයට පමණක්ම නො රැවටී එම පරිගණක නිෂ්පාදකයාගේ ලංකාවේ සිටින බලයලත් අලෙවි නියෝජිතයින් හරහාම පරිගණකය මිල දී ගැනීම අනුමත කරන අතරම පරිගණකයේ අභන්තර දත්ත සකසනය බොහෝ දුරට Intel එකක් වීම සුදුසු ය. මන්ද යත් AMD අභ්‍යන්තර දත්ත සකසන බොහෝ දුරට රත් වීම අධික වන අතර පසු කාලීකව භාවිතයේ දී අමතර කොටස් සොයා ගැනීමේ අපහසුතාවන් ද පවතින බැවිනි. එ මෙන්ම දැනට ඇති අළුත්ම මාදිලියේ දත්ත සකසනයන් සහිත පරිගණක වුව ද මිලදී ගැනීම අවාසිදායක වන්නේ වෙළඳපොළට නිකුත් කළ වහාම ඒවායේ මිල අධික වන බැවිනි. එසේ නම් මිල දී ගත යුතු හොඳම පරිගණක අභ්‍යන්තර දත්ත සකසන මාදිලිය වන්නේ දැනට ඇති නවීනතම පරිගණක මතක සකසනයට වඩා පියවරක් පසු පසින්, එනම් Intel 3rd Generation i3, i5, i7 මාදිලියේ පරිගණක වීම හොඳය.
එ මෙන්ම අදාළ නිෂ්පාදකයාගේ වගකීම් සඳහන් ස්ටිකර් පරිගනකයේ අලවා තිබේ දැයි විමසා බැලීම හා අදාළ වගකීම් කාලය අලෙවි නියෝජිතයාගෙන් විමසා බැලීම ද ඉතා සුදුසු වන අතර පරිගණකයේ හාඩ් ඩිස්ක් ධාවකය අවම වශයෙන් 500GB වත් වීම සුදුසුය. දුනට ඇති නවීනතම පරිගණක සියල්ලක්ම පාහේ S-ATA සම්බන්ධතාවයන් සහිත හාඩ් ඩිස්ක් ධාවකවලින් යුතු ඒවා වන අතර කළින් සඳහන් කළ පරිදි DVD රයිටරයකින් සමන්විත වීම ඉතා හොඳය
එ මෙන්ම මව් පුවරුවට පිටතින් උපාංග සවි කිරීමේ හැකියාවකින් යුක්තදැයි විමසා බැලීම ද කළ යුතු අතර බොහෝ විට ග්රැෆික් කාඩ් ආදිය පිටතින් සවි කිරීමට සඳහා පහසුකම් තිබේ නම් එම පරිගණකය ඉතා හොඳ එකක් බව කිව යුතුය. පරිගණක තිරය ද දැනට ඇති බල ශක්තිය පිරිමසින LCD හෝ LED තිරයක් වීම ඉතාමත්ම සුදුසුය.

ලැප්ටොප් පරිගණකයක් තෝරා ගැනීම.

නිතර තැන තැන රැගෙන ගොස් තම කටයුතු ඉටු කර ගැනීමට හැකි නිසා ලැප්ටොප් පරිගණකය දැන් ඩෙස්ක්ටොප් පරිගණකයට වඩා ජනප්‍රිය ය. ලැප්ටොප් පරිගණකයක් එම ධාරිතාවයම ඇති ඩෙස්ක් ටොප් පරිගණකයකට වඩා තරමක් වේගය අඩු වන අතර එකම ධාරිතවයක් ඇති වුව ද ලැප්ටොප් පරිගණකය ඩෙස්ක්ටොප් පරිගණකයකට වඩා මිලෙන් දෙ ගුණයකටත් වඩා වැඩි ය. ලැප්ටොප් පරිගණකයක් මිල දී ගැනීමේ දී ද පිළිගත් වෙළඳ නාමයන් සහිත සහ අදාළ බලයලත් ලාංකික අලෙවි නියෝජිතයාගෙන්ම මිල දී ගැනීම ඉතා සුදුසු වන අතර එය අප්ග්‍රේඩ් කළ හැකි දැයි, එනම්, පසු කාලීනව පවතින දෘඩාංගයන් පරිශීලකයාගේ අවශ්‍යතාවය මත ඉහළ මට්ටමක ඒවා බවට වෙනස් කර ස්ථාපනය කළ හැකිදැයි විමසා සැක හැර දැනගැනීමත්, වගකීම් කාලය ලබා දෙන ආකාරය විමසීමත් අනිවාර්යය අංග වේ. එ මෙන්ම දැනට පවතින නවීනතම මාදිලියේ අභන්තර දත්ත සකසනය බොහෝ දුරට Intel එකක් වීම සුදුසු ය. මන්ද යත් AMD අභ්‍යන්තර දත්ත සකසන බොහෝ දුරට රත් වීම අධික වන අතර පසු කාලීකව භාවිතයේ දී අමතර කොටස් සොයා ගැනීමේ අපහසුතාවන් ද පවතින බැවිනි. එ මෙන්ම දැනට ඇති අළුත්ම මාදිලියේ දත්ත සකසනයන් සහිත පරිගණක වුව ද මිලදී ගැනීම අවාසිදායක වන්නේ වෙළඳපොළට නිකුත් කළ වහාම ඒවායේ මිල අධික වන බැවිනි. එසේ නම් මිල දී ගත යුතු හොඳම පරිගණක අභ්‍යන්තර දත්ත සකසන මාදිලිය වන්නේ දැනට ඇති නවීනතම පරිගණක මතක සකසනයට වඩා පියවරක් පසු පසින්, එනම් Intel 3rd Generation i3, i5, i7 මාදිලියේ අභ්‍යන්තර දත්ත සකසන සහිත ලැප්ටොප් පරිගණක වීම සෑහේ. එ සේම බ්ලූටූත් සබඳතාව හා වයිෆයි සබඳතාවයත් DVD රයිටරයකින් සමන්විත වීමත් අනිවාර්යය අංගයක් විය යුතුය. 
එසේම ලැප්ටොප් පරිගණක තුළින් වීඩියෝ ක්‍රීඩා කිරීම අනුමත කළ නොහැකිය. එයට හේතුව එ විට එහි බැටරිය ඉක්මණින්ම බැස යාම හා ඒ මඟින් නැවත නැවත ආරෝපණය කිරීම තුළින් ලැප්ටොප් පරිගණකයේ බැටරිය ඉක්මණින් අභෘවිතයට පත් වීම සිදු විය හැකි බැවිනි. එ මෙන්ම අධික ලෙස රත් වීම තුළින් අභ්‍යන්තර උපාංගවලට හානි සිදු විය හැක. 
මෙ ලෙස පරිශීලකයාගේ අවශ්‍යතාව පරිදි පරිගණකයක් මිල දී ගත් පසු එයට අවශ්‍ය පරිදි මෘදුකාංග යොදාගෙන කටයුතු සිදු කර ගත හැකි අතර මේ කොයි මාදිලියේ පරිගණකයක වුවද වගකීම් කාලය ඉකුත් වන තෙක් වත් අනවශ්‍ය පරිදි කොටස් ගැලවීමට යාම මඟින් වගකීම අහෝසි වී යාම සිදු විය හැකි බව මතක තබා ගත යුතුය. එ මෙන්ම යොදා ගන්නා මෘදුකාංග ද නවතම සංස්කරණයන් වූ තරමටම වැඩ කටයුතු කරගෙන යාමේ දී අපහසුවක් ඇති නොවේ. මෙලෙස අප පරිගණකය පිළිබඳව වන මූලික මට්ටමේ දැනුම පිළිබඳව ලිපි පෙළ මෙතෙකින් අවසන් කරන අතර මී ළඟට අප දිවියේ සමීපතම මිතුරා වන ජංගම දුරකථය පිළිබඳව ලිපි මාලාවක් සමඟින් හමුවෙමු.

Nov 19, 2017

පරිගණකයේ ඉතිහාසය සැකෙවින්... (දෙවන කොටස)

පසුගිය ලිපියේ දෙ වන කොටස...


චාල්ස් බැබේජ් විසින් නිපදවන ලද යාන්ත්‍රික ගණනය කිරීමේ යන්ත්‍රයට පසු ඔහු විසින්ම තවත් ගණනය කිරීමේ යන්ත්‍රයක් සෑදීම සඳහා කටයුතු සූදානම් කරන්නට යෙදුණි. එය විශ්ලේෂක යන්ත්‍රය (Analytical Engine) ලෙස හැඳින්වූ අතර එහෙත් එම යන්ත්‍රය සෑදීම අතරමඟ නවතා දමන්නට සිදු විය. එසේ වන්නට ඇත්තේ මූල්‍යමය ගැටළු හේතුවෙන් බවට පොත් පත් වාර්තා කරන අතර අද සිටින පරිගණක විශ්ලේෂකයන් පවසන්නේ එසේ වීම ලෝකයට සිදු වූ යහපතක් බවයි. ඔහු විසින් ඉහත කී විශ්ලේෂක යන්ත්‍රය නිර්මාණය කරන්නට යෙදුණි නම් එහි ප්‍රමාණය ටෙනිස් පිටි හතරක් පමණ වත් වනු ඇති බවටත්, එහි චලනය වන කොටස්වල සිදු වන රත්වීම නිවා දැමීමට නයිල් ගංඟාවටවත් නොහැකි වනු ඇති බවටත් ඔවුන් පවසා සිටී.

පළමු පරම්පරාවේ පරිගණක (රික්ත කපාට නොහොත් වෑල්ව් සහිත පරිගණක)

 රික්ත කපාට යොදා ගෙන පරිගණක නිර්මාණය පළමු පරම්පරාවේ පරිගණකවල ආරම්භය විය. මෙහි දී පරිගණකයේ මතකය සඳහා (Memory) Magnetic Drums යොදා ගැණුන අතර රත් වීම අධික වීම හා විශාල වශයෙන් ශක්තිය අපතේ යාම සිදු විය. එ මෙන්ම සුවිසල් වපසරියක පැතිර තිබූ මෙම පරිගණක රත් වීම අතින්ද ඉදිරියෙන් ම සිටියේය. මෙම ගමනේ වැදගත්ම සංධිස්ථානය වූයේ University of Pennsylvania හිදී නිපදවූ ENIAC පරිගණකයයි. 
ENIAC පරිගණකය
මෙම තාක්ෂණය අනුව යමින් IBM ආයතනය විසින් නිර්මාණය කරන්නට යෙදුණු පරිගණකය වූයේ IBM 709 පරිගණකයයි. තත්පරයට එකතු කිරීම් හෝ අඩු කිරීම් 42000කුත් හෝ වැඩි කිරීම් හෝ බෙදීම් 5000කුත් කිරීමට හැකියාව ලැබුණි.

දෙ වන පරම්පරාවේ පරිගණක( ට්‍රාන්සිස්ටර් යුගය) 

ට්‍රාන්සිස්ටරය නම් වූ නිමැවුම 1948 වර්ෂයේ දී විලියම් ෂොක්ලි, ජෝන් බාර්ඩීන්, වෝල්ටර් බ්‍රිටෙයින් විසින් ඉදිරිපත් කරනු ලදුව ප්‍රමාණයෙන් පළමු පරම්පරාවේ පරිගණකවලට වඩා කාර්යක්ෂමතාවය වැඩි හා අඩු ඉඩකඩක ගබඩා කළ හැකි පරිගණක ලොවට බිහි වන්නට යෙදුණි. මේ සඳහා හොඳම උදාහරණය වනුයේ IBM 7090 පරිගණකයයි.
IBM 7090 පරිගණකය
මෙම පරිගණකවල රත් වීම හා ශක්තිය අපතේ යාම පළමු පරම්පරාවේ පරිගණකවලට වඩා අඩු විය.

තෙවන පරම්පරාවේ පරිගණක ( සංගෘහිත පරිපථ නොහොත් IC යුගය)

ට්‍රාන්සිස්ටර් පරිගණකවලින් ඇරඹි පරිගණකයේ ඉලෙක්ට්‍රොනික යුගය IC හෙවත් සංගෘහත පරිපථ දක්වා දියුණු විය. IC එකක් යනු ට්‍රාන්සිස්ටර් ගණනාවක් තනි ඒකකයක් ලෙස ඇතුළත් කරමින් සෑදූ ප්‍රමාණයෙන් කුඩා පරිපථයකි. මේ මඟ ඔස්සේ යමින් බිහි වූ IBM 360/91 පරිගණකය වඩාත් කාර්යක්ෂම වූ හා ප්‍රමාණයෙන් කුඩා පරිගණකයක් විය.
මෙ තෙක් භාවිත වූ Punched Card හා Print Out වෙනුවට Key Board හා Monitor භාවිතය මෙම පරිගණක යුගයේ දී ඇරඹින.
IBM 360/91 පරිගණකය

 සිව්වන පරම්පරාව ( Micro Processor යුගය)

මෙය පරිගණක ඉතිහාසයේ අද්විතීය යුගයක ඇරඹුම විය. Intel 4004 නම් වූ ප්‍රථම Micro Processor එකෙන් ඇරඹුණු මෙම යුගය Intel 8008, Intel 8080, Intel 8088 යන Micro Processor දක්වා දියුණු විය.
   Intel 4004                      Intel 8008               Intel 8080                Intel 8088
ඒ අතර 1975 දී හා 1976 දී බිහි වූ 6502 හා Z80 යන Micro Processor දෙක අද අප දකින පරිගණක සඳහා පදනම් වූ Micro Computers හා Home Computers විශාල ප්‍රමාණයක් නිපදවීමට දායකත්වය ලබා දුනි.
                 6502                                                 Z80
Intel 8080, Intel 8088 , 6502 යන Micro Processor මඟින් Micro Computers තැනෙද්දී Z80 Micro Processor එක Home Computers නිපදවීමට තම දායකත්වය ලබා දෙන ලදී. ඒ අනුව යමින් 1975දී MITS සමාගම විසින් Altair 8800 Home Computer එක ලොවට හඳුන්වා දෙන ලදී.

Micro Computers

Apple

දැන් අප දකින ආකෘතියට සමාන වර්ණ විභේදන හැකියාව ඇති ලොව පළමු Micro Computer එක මෙම යුගයේ දී Apple පරිගණක සමාගම නිර්මාණය කරන්නට යෙදුණි. Apple II, IIe, IIc, II+ ආදී Micro Computer විශාල ප්‍රමාණයක් Apple පරිගණක සමාගම විසින් වෙළඳපොළට හඳුන්වා දුන් අතර මේවා ඉතා ඉක්මණින් ලොව පුරා ප්‍රචලිත විය.

Apple II

 Radio Shack 

මේ යුගයේ ජනප්‍රිය වූ තවත් Micro Computer නිපදවීමේ සමාගමක් වූ Radio Shack ආයතනය හඳුන්වා දුන් TRS 80 නම් පරිගණක මාදිලිය බොහෝ පරිගණක අධ්‍යාපන ආයතනවල එම යුගයේ දී භාවිතයට ගැනුණි.
Radio Shack TRS 80 

Home Computers

Commodore 

   Apple සමාගමෙන් ඇරඹි  Micro Computer රැල්ල තව දුරටත් ප්‍රචලිත වෙද්දී Commodore සමාගම ද Commodore VIC, Commodore Pet, Commodore 64 යන පරිගණක මාදිලි හඳුන්වා දුන් අතර මේවායේ තිබුණේ  Home Computer ලක්ෂණයි.
                                                                  Commodore 64
 
           

Sinclair

Sinclair ZX81 හා Sinclair Spectrum  යන මාදිලි ද මේ කාලය වන විට Home Computers වෙළඳ පොළ තුළ ඉදිරියෙන්ම සිටි මාදිලි වූ අතර මෙම සෑම Home Computers මාදිලයකම විශේෂත්වය වූයේ තිරය සඳහා නිවසේ භාවිත කළ රූපවාහිනියත් දත්ත ගබඩා කිරීම සඳහා නිවසේ වූ Cassette යන්ත්‍රයත් භාවිත කළ හැකි වීමයි.
 Sinclair Spectrum
කෙසේ හෝ පසු කාලීනව මෙම Home Computers රැල්ක්‍රමයෙන් අභාවයට පත් වූ අතර Micro Computer රැල්ල ද ක්‍රමයෙන් Apple වෙතින් IBM සමාගම වෙත ගමන් කළේය. මෙසේ Micro Computer යන නාමය සඳහා IBM සමාගම ප්‍රචලිත වීමත් සමඟම Micro Computer රැල්ල වෙනත්ම වූ මානයකට යොමු කරමින් අද අප දකින Personal Computer ලෙස නාමය වෙනස් කිරීමට පුරෝගාමී වූයේ IBM සමාගම ලොවට හඳුන්වා දුන් IBM XT, IBM AT, IBM PC යන පරිගණක වේ. මෙසේ IBM සමාගම අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ බැවින් සිංගප්පූරුවේ හා කොරියාවේ දී IBM Compatibles නමින් පරිගණක නිපදවීම ඇරඹූ අතර බොහෝ පරිගණක අධ්‍යාපන ආයතනවලද තමන් පන්ති පවත්වන්නේ IBM පරිගණකවලින් යයි සඳහන් කිරීමට තරම් මේ රැල්ල දුර දිග ගියේය.

වෙළඳ නාමයන් හි අවසානය හා නූතන පරිගණක තෙක් පරිණාමනය

Apple , IBM  නමින් පරිගණක සමාගම් නාමයෙන් පරිගණක මිලදී ගැනීමට පෙළැඹුණු අය කල් ගත වත්ම Processor එනම්, මධ්‍ය සැකසුම් ඒකකයේ නමින් පරිගණක මිලදී ගැනීමට හේතු වූයේ Intel 80286 යන මධ්‍ය සැකසුම් ඒකක භාවිත වූ පරිගණක Computer 286 නමින් ද Intel 80386 මධ්‍ය සැකසුම් ඒකක භාවිත වූ පරිගණක Computer 386 නමින් ද Intel 80486,මධ්‍ය සැකසුම් ඒකක භාවිත වූ පරිගණක Computer 486 නමින් ද වෙළඳපොළට පැමිණීම නිසා ය. මේ යුගය Pentium හා Dual Core යුගය දක්වා දියුණු වී දැන් අප දකින Core i3, Core i5, Core i7 යුගය දක්වා ගමන් කර ඇත.
මෙසේ අද අප දකින අපගේ නිවසේ ඇති පරිගණකය දක්වා පරිගණක පැමිණි මඟ දියුණුවට හේතු වූයේ සංගෘහිත පරිපථ එ නම් IC වල දියුණුව වන අතර මුලින්ම IC ලෙස හැඳින්වූයේ ට්‍රාන්සිස්ටර් කිහිපයක් එකතුවීම මඟින් සෑදුණු පරිපථයකටයි. මේවා Small Scale Integration (SSI) ලෙස හැඳින්වූ අතර පසුව මේවා Medium Scale Integration (MSI) හා Large Scale Integration (LSI) හරහා Very Large Scale Integration (VLSI) දක්වා දියුණු විය. 1980 දශකයේ දී ට්‍රාන්සිස්ටර් දහස් ගණනක එකතුවකින් ඇරඹුණු VLSI දියුණුව අද වන විට ට්‍රාන්සිස්ටර් මිලියන ගණනක් තනි පරිපථයකට ගැනීම දක්වා දියුණු වී ඇත. මෙසේ පරිණාමය වූ පරිගණකය අද අප නිවසේ දකින පරිගණකයේ සිට සුපිරි පරිගණකය දක්වා දියුණු තියුණු වී හෙට දින වන විට මිනිස් මොළය ද පරයා යා නොවී යයි කිව නො හැක්කේ කා හටද?...
පරිගණකය පැමිණි ගමන් මඟ පිළිබඳව ලිපි පෙළ මෙතෙකින් නිමා වන අතර අපට පරිගණකය තුළ කටයුතු සඳහා උපකාරී වන පරිසරය සකස් කර දෙන මෙහෙයුම් පද්ධතියේ ඉතිහාසය පිළිබඳව ලිපි පෙළකින් නැවතත් හමු වෙමු...

පරිගණක වයිරස හඳුනාගනිමු

පරිගණක වයිරසයක් යනු කුමක්ද ?   පරිගණක වයිරසයක් යනු, එක් පරිගණකයක සිට තවත් පරිගණකයකට පැතිර යා හැකි, පරිගණකයේ ක්‍රියාකාරිත්වයට බලපෑම් කළ හ...