Nov 9, 2017

පරිගණක පාඩම් සරළව සිංහලෙන් 07

Desktop Background

වින්ඩෝස් පරිගණක තිරයෙහි පසුබිම් රූපයක් දක්නට ඇත. මෙය රූපයක්ම පමණි. අවශ්‍යනම් මෙය වෙනස් කල හැක. වෙනස් කිරීමට පහත පියවර අනුගමණය කරන්න.

1. ඩෙස්ක්ටොප් එක මත Right Click කරන්න. ලැබෙන මෙනුවෙන් “Personalize” මත Click කරන්න

2. ලැබෙන Personalization වින්ඩෝවෙන් Choose your Picture යටතේ වින්ඩෝස් හී ඇති පින්තූරයක් හෝ     Browse මත Click කර ඔබ විසින් පරිගණකයෙහි Save කර ඇති පින්තූරයක් තෝරාගන්න.
පින්තූරය තෝ්රාගත් පසු ස්වයංක්‍රීයවම තිරයේ රූපය වෙනස් වේ.
Start Menu
Start මෙනුව යනු, ඔබගේ පරිගණකයෙහි සියළුම යෙදුම් (Application) වෙත යා හැකි ප්‍රධානතම මෙනුව වේ.
Start මෙනුව විවෘත කිරීමට ක්‍රම දෙකක් පවතී
1. පරිගණක තිරයෙහි වම්පස පහළ කෙළවරෙහි ඇති Start Button එක මත Click කිරීම.
2. Keyboard එකෙහි Windows Key Press කරන්න.







එවිට පහත ආකාරයේ මෙනුවක් දිස්වේ.


පරිගණක වයිරස හඳුනාගනිමු

පරිගණක වයිරසයක් යනු කුමක්ද ?   පරිගණක වයිරසයක් යනු, එක් පරිගණකයක සිට තවත් පරිගණකයකට පැතිර යා හැකි, පරිගණකයේ ක්‍රියාකාරිත්වයට බලපෑම් කළ හ...