Nov 8, 2017

පරිගණක පාඩම් සරළව සිංහලෙන් 06

පසුගිය පාඩම් තුලින් ඉගෙන ගත් මවුසය හා කීබෝඩය භාවිත කරන ආකාරය හොදින් මතක තබාගැනීම ඉදිරි කටයුතු සඳහා ඉතා වැදගත් වේ.

Icon

අයිකනයක් යනු පරිගණකයට ස්ථාපිත කර ඇති මෘදුකාංගයක හෝ ලිපි ගොණුවක (Folder) නිරූපකයක් වේ. මෙයට ප්‍රවේශ වීමට (Software එකක්නම්) හෝ විවෘත කිරීමට (Folder එකක්නම්) අයිකනය මත Double Click කරන්න. නැතිනම් Right Click කර ලැබෙන Menu එකෙන් Open යන්න click කරන්න.
මෙම අයිකන ඩෙස්ක්ටොප් එක මත කුමන ස්ථානයකින් හෝ තැබිය හැක ඔබ කිරීමට අවශ්‍ය වන්නේ අයිකනය මත Click කර ඔබට අවශ්‍ය ස්ථානයට Drag  කිරීමයි.

Desktop එක මත Folder එකක් හා Shortcut එකක් නිර්මාණය කරන ආකාරය.

Desktop එක මත Right click කරන්න. ලැබෙන Menu එකෙන් New යන්න තෝ්රන්න, එවිට තවත් Menu එකක් ලැබේ. එහි Folder යන්න click කරන්න. එවිට New Folder ලෙස Desktop එක මත Folderයක් නිර්මාණය වී ඇති බව ඔබට පෙනේ. මෙම New Folder වෙනුවට කැමති නමක් ලබා දී Keyboard එකෙහි Enter Key එක Press කරන්න.
  • මෙම Folder තුල ඔබට අවශ්‍ය දෙයක් ගබඩා කර තැබිය හැකිය. උදා- Photos, Videos, MP3 සහ ඔබ යම්කිසි මෘදුකාංගයක් තුලින් කළ කාර්යයක් Save කර තැබිය හැකිය.

මේ ආකාරයටම පරිගණකය තුල ස්ථාපිත කර ඇති මෘදුකාංගයක හෝ වෙනත් තැනක ඇති Folder එකක හෝ ඕනෑම දෙයක Shortcut එකක්ද Desktop එක මත තබා ගත හැකිය.
Shortcut එකද ඉහත රූපයේ ආකාරයටම Desktop එක මත Right කර ලැබෙන Menu එකෙන් New යන්න තෝ්රන්න, එවිට තවත් Menu එකක් ලැබේ. එහි Shortcut යන්න Click කර ලැබෙන Window වේ Type the location of the Item යටතේ Shortcut එක ලබා ගත යුතු අයිතමය ස්ථාපිත කර ඇති ස්ථානය ලබා දෙන්න නැත්නම් Browse යන්න Click කර ස්ථාපිත කර ඇති ස්ථානය සොයා අවශ්‍ය කරන File එක ලබා දී Next click කරන්න. ඉන්පසු ලැබෙන වින්ඩෝවෙන් Type the name of the shortcut යන ස්ථානයට අවශය නමක් ලබා දී Finish Button එක click කරන්න.
 Folder එකක් හෝ Shortcut එකක නම වෙනස් කිරීම (Rename කිරීම)

ඔබට නම වෙනස් කිරීමට අවශ්‍ය Icon එක මත Right click කර ලැබෙන Menu එකෙන් Rename යන්න තෝරන්න. ඉන්පසු කැමති නමක් Type කර Enter කරන්න.
මතු සම්බන්ධයි....

පරිගණක වයිරස හඳුනාගනිමු

පරිගණක වයිරසයක් යනු කුමක්ද ?   පරිගණක වයිරසයක් යනු, එක් පරිගණකයක සිට තවත් පරිගණකයකට පැතිර යා හැකි, පරිගණකයේ ක්‍රියාකාරිත්වයට බලපෑම් කළ හ...