Nov 6, 2017

පරිගණක පාඩම් සරළව සිංහලෙන් 04

Windows ඉගෙන ගනිමු

අප මෙහිදී Windows හී නවතම සංස්කරණය වන Windows 10 පිළිබඳව සාකච්ඡා කරමු.

වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කළ පරිගණකයකට විදුලි බලය සැපයූ විට පරිගණක තිරයෙහි යම් යම් වෙනස්කම් කිහිපයක් සිදුවී ඉහත රූපසටහනෙහි දැක්වෙන ආකාරයේ ස්ථානයකින් නිසොල්මන් වේ. මෙය වින්ඩෝස් තිරය වේ. එහෙමත් නැත්නම් ඩෙස්ක්ටොප් එක ලෙස හැඳින්වේ. මෙහි යම් යම් රූපක කිහිපයක් ඔබට දැකගත හැකිය. මේවා Icon ලෙස හැඳින්වේ.
    ඩෙස්ක්ටොප් එකෙහි පහළම යම් කිසි තීරුවක් ඔබට දැකගත හැකිය. මෙය Task Bar එක ලෙස හැඳින්වේ. මෙහි වම්පස කෙලවරෙහි ඇති අයිකනය Start Button එකයි. මේ හරහා පරිගණකයෙහි ස්ථාපනය කර ඇති සියළුම වැඩසටහන් වෙත යා හැකිය. (පහත රූප සටහන බලන්න)
වින්ඩෝස් හී ඉදිරි වැඩකටයුතු වලට ප්‍රථමයෙන් Mouse එක හා Keyboard එක භාවිතා කරණ ආකාරය ඉගෙන ගනිමු.
Mouse
ඩෙස්ක්ටොප් එක මත කුඩා ඊ හිසක් ඔබට දැකගත හැකිය එය Mouse Pointer ය වේ. ඔබ මවුසය චලනය කළහොත් ඒ ආකාරයෙන්ම මෙම ඊ හිස ඩෙස්ක්ටොප් එක මත එහා මෙහා චලනය වන ආකාරය ඔබට දැකගන්නට පුළුවන්. මවුසයෙහි ඇති යම් යම් කොටස් පිළිබඳව අදහසක් පහත රූප සටහන ආධාරයෙන් ලබා ගන්න.
පරිගණකයෙහි ඇති අයිකන වෙත යාම, ඒවා තෝරා ගැනීම, විවෘත කිරීම ඇතුළු මෙකී නොකී සියළුම කාර්යයන් සඳහා මවුසය භාවිතා කරන ආකාරය පහත දැක්වේ.
Point කිරීම  - 
ඔබට අවශ්‍ය ස්ථානය වෙත මවුසයේ ඊ හිස රැගෙන යාම.
Click කිරීම  - 
ඔබ මවුසයේ ඊ හිස රැගෙන ගොස් අවශ්‍ය ස්ථානයෙහි මවුසයේ වම් පස බොත්තම (Left Button) වරක් ඔබා අත හැරීම.

Double Click කිරීම  - 
ඔබ මවුසයේ ඊ හිස රැගෙන ගොස් අවශ්‍ය ස්ථානයෙහි මවුසයේ වම් පස බොත්තම (Left Button) දෙවරක් ඔබා අත හැරීම.
Drag කිරීම  - 
ඔබ මවුසයේ ඊ හිස රැගෙන ගොස් අවශ්‍ය අයිකනය මත මවුසයේ වම් පස බොත්තම (Left Button) ඔබාගෙන ම එය වෙනත් ස්ථානයක් වෙත රැගෙන යාම සහ යම්කිසි අකුරු පෙළක් තෝරා ගැනීමේ කාර්යයද මේ ආකාරයටම සිදු කළ හැක. ඔබට අවශ්‍ය ස්ථානයෙන් මවුසයේ වම්පස බොත්තම ඔබාගෙන ම වචන පෙලෙහි අවසානය විය යුතු ස්ථානයට මවුසය රැගෙන ගොස් අතහැරීම.
Drag and drop කිරීම  - 
ඔබ මවුසයේ ඊ හිස රැගෙන ගොස් අවශ්‍ය අයිකනය මත මවුසයේ වම් පස බොත්තම (Left  Button) ඔබාගෙන ම එය වෙනත් ස්ථානයක් වෙත රැගෙන ගොස් අතහැරීම.
Right Click කිරීම  - 
යම් කිසි අයිකනයක් හෝ ස්ථානයක මවුසයේ දකුණු පස බොත්තම වරක් ඔබා අතහරින්න. මෙහිදී ඔබට ඔබ Click කල ස්ථානයට අදාළ විධාන පමණක් පෙන්වයි.
පරිගණකය භාවිතයේදී මෙම ක්‍රියාකාරකම් නිතර නිතරම කිරීමට සිදුවීම නිසා ක්‍රියාකාරකම් සියල්ලක්ම මතකයේ තබාගැනීම අනිවාර්ය වේ.
කී බෝඩය හා වින්ඩෝස් හී ක්‍රියාකාරකම් පරිගණක පාඩම් සරළව සිංහලෙන් 05 කොටසින් බලාපොරොත්තු වන්න.

පරිගණක වයිරස හඳුනාගනිමු

පරිගණක වයිරසයක් යනු කුමක්ද ?   පරිගණක වයිරසයක් යනු, එක් පරිගණකයක සිට තවත් පරිගණකයකට පැතිර යා හැකි, පරිගණකයේ ක්‍රියාකාරිත්වයට බලපෑම් කළ හ...