Nov 5, 2017

පරිගණක පාඩම් සරළව සිංහලෙන් 03

Software - මෘදුකාංග
මෘදුකාංග යනු මිනිසාට පරිගණකය සම්බන්ධ කරන අතරමැදියා යැයි අපි කළින් පාඩමෙන් ඉගෙන ගත්තා. දැන් අපි බලමු කොහොමද මේ සම්බන්ධතාවය ගොඩ නැගෙන්නේ කියලා.
මෘදුකාංග ප්‍රධාන ලෙස කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකිය.

  1. System Software  (පද්ධති මෘදුකාංග)
  2. Application Software (යෙදුම් මෘදුකාංග)
01. System Software
පරිගණකය විදුලියට සම්බන්ධ කර පණගැන්වීමන් පසු ස්වයංක්‍රීයව යම් කිසි ක්‍රියාවක් සිදුවන බව ඔබට දකින්නට පුළුවන්. පරිගණක තිරයෙහි යම් යම් වෙනස්කම් කිහිපයක් සිදුවී යම් කිසි ස්ථානයකින් නිසොල්මන් වන බව ඔබට දැකගන්න පුළුවන්. එසේ සිදුවන්නේ පරිගණකය තුළ ගබඩා කර ඇති මෘදුකාංගයකිනි. මෙය පරිගණකයේ මෙම විද්‍යුත් හා යාන්ත්‍රික කොටස් සහ Application Software පාළනය කරන මෘදුකාංගයයි. මෙය අනිවාර්යෙන්ම පරිගණකය එකළස් කිරීමෙන් අනතුරුව ප්‍රධාන මතකය තුළ ස්ථාපිත කළ යුතුමයි. එසේ නොමැති වුවහොත් පරිගණකයෙන් කළ හැකි වැඩක් නැත.
02. Application Software
system software තුල ක්‍රියාත්මක වන මෙම මෘදුකාංග අපගේ වැඩකටයුතු කර ගැනීමට එනම්, උපකාරීවන මෘදුකාංග වේ. විවිධ උවමනාවන් ඉටු කර ගැනීම සඳහා විශාල මෘදුකාංග සංඛ්‍යාවක් එක් එක් සමාගම් මගින් හඳුන්වා දී ඇත. 

පරිගණක වයිරස හඳුනාගනිමු

පරිගණක වයිරසයක් යනු කුමක්ද ?   පරිගණක වයිරසයක් යනු, එක් පරිගණකයක සිට තවත් පරිගණකයකට පැතිර යා හැකි, පරිගණකයේ ක්‍රියාකාරිත්වයට බලපෑම් කළ හ...